india-pakistan-super4

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ඉන්දියාව හා පකිස්තානය සමග තරගය ඊයේ ආර් ප්‍රේමදාස පිටියේදී අවසන් වූයේ ඉන්දියාවට දැවැන්ත ජයග්‍රහණයක් අත්කරදෙමිනි.
මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය පිළ කඩුළු 2 ක් පමනක් දැවී 356 ක දැවැන්ත ඉලක්කයක් ලබාදුන් අතර
පකිස්තානය ඔවර 32 කදී සියල්ලන් දැවී 132 ක් පමණක් ලබා පරාජයට පත්විය.කෝලි නොදැවී 122 ක් හා රහුල් නොදැවී 111 ක් ලබාගැනීම මෙම තරගයේ කැපී පෙනිණි.
මෙම වටයෙ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (12) පැවැත්වෙයි. තරගය පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගතහොත් ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.
ඊයේ තරගයේ ලකුනු සටහන පහතින්