jaffna-girl-hand-cut-story

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට ගිය අවුරුදු 8ක දැරියගේ කපා දමන ලද අත වැඩිදුර පරික්ෂණ සඳහා පොලීසිය මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත සවන ලෙස යාපනය මහේස්ත්‍රාත්වරයා පෙරේද(14) නියෝග කර තිබේ.
යාපනය රෝහල් වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ එම දැරියගේ අත අහිමි වූයේ කැනියුලාවේ දෝෂයක් මක යැයි ප්‍රකාශ කර ඇති නිසා එම ප්‍රකාශය තහවුරු කරගැනීමට මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට පත්කර සිටින කමිටු නිලධාරීන්ගේ හා පොලිස් වාර්තාවල ප්‍රගතිය ගැන මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් කරුණු විමසු අවස්ථාවේදී පොලිසිය ප්‍රකාශ කළේ එම වාර්තා මෙතෙක් ලැබි නැති බවයි. මේ හේතුව මත අදාළ නඩුව මේ මස 25 වැනිදාට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා එදිනට මේ සිද්ධියේ සියලු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළේය.
දැරියගේ අත අහිමිවීමෙන් පසු යාපනය ශික්ෂණ රෝහලෙන් එම පවුලේ උදවියට සාධාරණයක් ඉටු නොවීම් නිසා දැරියගේ මවුපියන් හා ඥාතීන් එක්ව මේ නඩුව යාපනය පොලිසියේ සහාය මත සාපනය අධිකරණයේ ගොනුකර තිබේ.


දැරිය ඇතුළත් කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල මත මේ සිද්ධිය සිදු වී ඇති බව මුල්ම වරට අනාවරණය වූයේද එම හඳියගේ විදෙස් ගමන් තහනම් කිරීමද සිදු වූයේ එම නඩුවේ තීන්දුවල ප්‍රතිඵලයක් වශයනි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මක මේ සිද්ධිය ගැන කරුණු සොයා බලා වාර්තාවක් පිළියෙළ කිරිමට එක් කරන ලද විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනකුගෙන් සමන්විත කමිටුව නම් වන විට යාපනයට පැමිණ විවිධ පාර්ශවයන් හමු වී තොරතුරු ලබා ගන්නා අතර එම පරික්ෂණ කටයුතුද මෙතෙක් අවසන් වී නැත.

රසුල දිල්හාර ගමගේ