උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට වෙඩි නොවදින දුම්රියක් භාවිත කරමින් රුසියාවේ වරාය නගරයක් වන ව්ලැඩිවොස්ටොක් වෙත යමින් සිටින බව විදෙස් මාධය වාර්තා කර තිබේ.
උතුරු කොරියානු නායකයාට කිලෝමීටර 1,180 ක් (සැතපුම් 733) පමණ වන මෙම ගමන සදහා පැය 20 කට වැඩි කාලයක් ගත වනු ඇත. ඔහු ආරක්ෂාව තකා ගුවන් ගමන ප්‍රතික්ෂේප කර ඇත.
පවතින අධික ආරක්ෂාව නිසාම දුම්රිය පැයට කිලෝමීටර 50ක (පැයට සැතපුම් 31ක) වේගයෙන් ගමන් කරනු ලබයි.
සංසන්දනය කිරීමක් ගත් කල, ලන්ඩනයේ අධිවේගී දුම්රිය පැයට කිලෝමීටර 200 ක වේගයෙන් ධාවනය වන අතර ජපානයේ ෂින්කන්සන් බුලට් දුම්රිය පැයට කිලෝමීටර 320 ක වේගයකින් ධාවනය කළ හැකිය.
සූර්යයා සඳහා භාවිතා කරන කොරියානු වචනය වන Taeyangho ලෙසින් මෙම දුම්රිය නම් කර ඇත.
දුම්රිය හරහා දිගු දුර ගමන් කිරීමේ සම්ප්රදාය ආරම්භ කරන ලද්දේ කිම් ජොන් උන්ගේ සීයා වන කිම් ඉල් සුං විසින්ය. ඒ වියට්නාමයේ සහ නැගෙනහිර යුරෝපයේ චාරිකා සඳහා තමාගේම දුම්රියක් යොදා ගෙන ය.
මෙම සුඛෝපභෝගී දුම්රිය බෝම්බ සහ වෙනත් තර්ජන සඳහා මුහුණ දීමට විශේෂිතව සකසා ඇති අතර , ආරක්ෂක නියෝජිතයින් විසින් දැඩි ලෙස ආරක්ෂා කර ඇති බව කියනු ලැබේ.
1994 වසරේ සිට 2011 වසරේ මිය යන තෙක්ම උතුරු කොරියාව පාලනය කළ කිම් ජොන් උන්ගේ පියා වන කිම් ජොං ඉල් , පියාසර කිරීමට ඇති බිය නිසාම දුම්රියෙන් ගමන් කළ බව වාර්තා වේ. ඒ නිසාම කිම් ජොං ඉල් , 2001 දී පුටින් මහතා සමඟ රැස්වීමක් පැවැත්වීම සදහා මොස්කව් වෙත යාමට දින 10 ක් ගත කළේය.
2001 සවාරියේ දී හිටපු උතුරු කොරියානු නායකයා සමඟ පැමිණි රුසියානු හමුදාපති කොන්ස්ටන්ටින් පුලිකොව්ස්කි, ඔරියන්ට් එක්ස්ප්‍රස් හි සුවිසල් බව ගැන කතා කළේය.
ඔහු පැවසුවේ එම දුම්රිය තුළ රුසියානු, චීන, කොරියානු, ජපන් සහ ප්‍රංශ යන ඕනෑම ආහාරයක් ඇණවුම් කිරීමට හැකි වූ බවයි.
නැවුම් ප්‍රණීත ආහාර ලබා ගැනීම සඳහා සජීවී පොකිරිස්සන් දුම්රියට ප්‍රවාහනය කළ බවද සිහිපත් කළ ඔහු කියා සිටියේ පුටින් මහතාගේ පෞද්ගලික දුම්රියේ පවා නොතිබුණු සුවපහසුවක් කිම් ජොං ඉල්ගේ දුම්රියේ තිබුණු බවයි.
උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ 2011 වසරේදී දුම්රියේ ගමන් කරමින් සිටියදී හෘදයාබාධයකින් කිම් ජොං ඉල් මිය ගිය බවයි.
2009 නොවැම්බරයේදී, දකුණු කොරියානු චොසුන් ඉල්බෝ වාර්තා කළේ සන්නද්ධ දුම්රියේ මැදිරි 90 ක් පමණ තිබූ බවයි. කහ ඉරි සහිත කොළ පැහැති දුම්රියේ සම්මන්ත්රණ ශාලා, ප්‍රේක්ෂක කුටි , නිදන කාමර, චන්ද්‍රිකා දුරකථන සහ රූපවාහිනී සවි කර ඇති බවද වාර්ථා කළේය.
කිම් ජොන් උන් තුළ ඇති පියාසර කිරීමට දක්වන බිය කිසිවෙකුට නොපවසන්නේ, ඔහු රුසියාවේ නිෂ්පාදිත පෞද්ගලික ජෙට් යානයෙන් සංචාර කිහිපයක් සඳහා පියාසර කර ඇති බැවිනි.
දුම්රියවලට අමතරව, වෙනත් සුඛෝපභෝගී ප්‍රවාහන ක්‍රමවල ද කිම් මහතා ගමන් කරනු වාර්ථා වී තිබේ.
ස්විට්සර්ලන්තයේ ජීවත් වූ කිම් ජොන් උන්ට පියාසර කිරීම අමුත්තක් නොවේ.
2018 මැයි මාසයේදී බලයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු ජාත්‍යන්තර ගුවන් ගමන සිදු කළේ, චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීම සඳහා චීනයේ ඩේලියන් නගරයට ය.
මාධ්‍ය වාර්තා පවසන්නේ ඔහු මීට පෙර උතුරු කොරියාව තුළ ගමන් සඳහා ඔහුගේ පෞද්ගලික ජෙට් යානය භාවිතා කර ඇති බවයි.
ඔහු චීනයට පියාසර කිරීමට භාවිත කර ඇත්තේ, සෝවියට් හී නිෂ්පාදිත දිගු දුර ගුවන් යානයක් වන Ilyushin-62 (Il-62) නම් ගුවන් යානයයි.
NK නිවුස් වෙබ් අඩවියේ උතුරු කොරියානු නිරීක්ෂකයින් පවසන්නේ උතුරුකොරියානුවන් එය රටේ ජාතික පක්ෂියා වන ගෝෂෝක්ට සමාන කරමින් "චම්මේ-1" ලෙස හඳුන්වන බවයි.
ගුවන් යානයේ සුදු පැහැති බාහිර කොටස දෙපස කොරියානු භාෂාවෙන් උතුරු කොරියාවේ නිල නාමය සටහන් කර ඇති අතර , ඒ අසල ජාතික ධජය ඇත. පිටුපස කොටසෙහි රතු සහ නිල් රවුම් ඇතුළත රතු තරුවක් දැකිය හැකි විය.
2018 දී Kim ගේ සහෝදරිය Kim Yo Jong ඇතුළු Pyongyang හි ඉහළ මට්ටමේ ඔලිම්පික් දූත පිරිස දකුණු කොරියාවට ගිය අවස්ථාවේ Chammae-1 යානය ප්‍රධාන සිරස්තලය බවට පත් විය.
දකුණු කොරියානු ප්රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් වාර්තා කළේ - මෙම ගුවන් යානය "PRK-615" නම් හඳුනාගැනීමේ අංකය භාවිතා කර ඇති බවත්, එය රටවල් දෙක විසින් 2000 වසරේ ජුනි 15 වන දින අත්සන් කරනු ලැබූ උතුරු-දකුණු ඒකාබද්ධ ප්රකාශනයට සංකේතාත්මක සඳහනක් විය හැකි බවත්ය.
සුඛෝපභෝගී කාර් -
2018 මාර්තු මාසයේදී කිම් මහතා චීනයේ බීජිං අගනුවරට දුම්රියෙන් ගමන් කළ නමුත් නගරය තුළ ගමන් කිරීමට ඔහුගේ පුද්ගලික Mercedes-Benz S-Class රථය භාවිතා කළේය.
දකුණු කොරියානු JoongAng Ilbo පුවත්පතට අනුව, මෝටර් රථය ප්‍රවාහනය කර ඇත්තේ දුම්රියේ ය.
2010 දී නිෂ්පාදනය කරන ලද මෙම මෝටර් රථය සඳහා කොරියානු වොන් බිලියන 2 ක් (ඩොලර් මිලියන 1.8 ක්) වැය වූ බව පුවත්පත වාර්තා කරයි.
සමුලුව සදහා භාවිත කළ ඔහුගේ රථ පෙළේ පුද්ගලික වැසිකිලි මෝටර් රථයක් ද , ඔහුගේ අභිරුචිය මත සැකසූ නාන කාමරයක් සහිත රථයක්ද පැවති බව සෝල් හි පිහිටි ඩේලිඑන්කේ වෙබ් අඩවියේ 2015 වාර්තාවක සඳහන් විය.
අභිරහස් යාත්‍රාව -
උතුරු කොරියාවේ රාජ්‍ය මාධ්‍ය විසින් නායකයා බෝට්ටු, සබ්මැරීනයක්, බස් රථ සහ ස්කී ලිෆ්ට් එකක පවා ගමන් කරන අයුරු පෙන්වා දී ඇත.
ඔහු වෙනත් ප්‍රවාහන ක්‍රම භාවිතා කරන බවට කටකතා පැතිර යන නමුත් ඔහුගේ විදේශ සංචාර වලදී ඒවා තවමත් දැකගත නොහැක.
2013 මැයි මාසයේදී ඔහු හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ධීවර ස්ථානයකට ගිය අවස්ථාවේ දී , NK News විසින් පසුබිමේ වූ යාත්‍රාවක් නිරීක්ෂණය කරන ලදී. ඩොලර් මිලියන 7ක් වැය වෙතැයි ඇස්තමේන්තු කර ඇති මෙම යාත්‍රාව කිම් මහතාට අයත් එකක් බවට විශ්වාස කරයි. සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ජාත්‍යන්තර සම්බාධක නොතකා එය ආනයනය කළේ කෙසේදැයි පැහැදිලි කර ගැනීමට නොහැකි වී තිබේ.
2015 ජුනි මාසයේදී, වොෂින්ටනය පදනම් කරගත් රේඩියෝ ෆ්‍රී ඒෂියා වාර්තා කළේ, පර්යේෂකයෙකු විසින් දකුණු ප්යොංගන් පළාතේ ඇති කිම්ගේ ලේක්සයිඩ් නිවසෙහි නව හෙලිකොප්ටරයක් දැක ඇති බවයි.
එක්සත් ජනපද-කොරියා ආයතනයේ සේවය කරන පර්යේෂකයින් පැවසුවේ එම හෙලිකොප්ටරය, කිම් මහතාගේ පවුලේ අය හෝ අමුත්තන් විසින් භාවිතා කරන්නක් විය හැකි බවයි.
0 Comments