සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් වසර 05ක සිර දඬුවම් නියම කර තිබේ.
2015 ජනාධිපතිවරණයේදී එවකට අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ වේදිකාව සරසමින් සිටි ආධාරකරුවන් පිරිසකට ජනවාරි 05 වනදා වෙඩි තබා එක් අයෙක් ඝාතනය කර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව එවකට නියෝජ්‍ය ඇමති ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීමේ චෝදනාවට අදාළවය.
විනිසුරුවරිය මෙම දඬුවම ලබා දෙමින් රුපියල් 20,000ක දඩයක් නියම කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ කහවත්ත පොලිසිය විසින් සිද්ධියේ සැකකරුවෙකු ලෙස හඳුනා ගත් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස සිටි ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගැනීමට සූදානම් වනවිට ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙසට එවකට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රීට බලපෑම් කිරීම සම්බන්ධයෙන් සබරගමුව පළාත් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එරෙහිව මෙසේ චෝදනා ගොනුකර තිබිණි.
2015 වසරේ මැයි මස 13 වන දින සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ යාපනයේ ශිවලෝකානන්දන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනයකිරීමේ සිද්ධියේ ප්‍රධාන වැරදිකරු වූ මහාලිංගම් ශෂිකුමාර්ට පළායාමට සහය වීම සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර එය යාපනය මහාධිකරණයේ නඩු විභාගයේදී ආධාර අනුබල ලබා දීම තහවුරු කෙරිණි.
ඒ අනුව 2017 ජුලි මස 15 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර සැකකරුවන්ට පළා යාමට ආධාර අනුබල ලබා දීම මත පොලිස් කොමිසම ඔහුගේ වැඩ තහනමක්ද සිදු කර තිබුණි.
0 Comments