madampe-accident

මාදම්පේ හැඩබණ්ඩාරගම හන්දියේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් 48 හැවිරිදි පියකු හා 16 හැවිරිදි දියණියක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙයි. කන්දගේ නිහාල් පෙරේරා සහ ඔහුගේ දියණිය වන කන්දගේ සිතුෂි පෙරේරා මෙලෙස මියගොස් තිබුණි.
මාදම්පේ මෙම අනතුර සිදුව තිබුණේ කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ස්කූටර් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කරමින් සිටි පියා සහ දියණිය මෙම අනතුරින් මියගිය අතර ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා විය.

අනතුරින් පසු ප්රදේශවාසීන් නොසන්සුන් වීම හේතුවෙන් මාදම්පේ කුලියාපිටිය මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල විය.පැය 3 ක පමණ කාලයකින් පසු පිරිස විසුරුවා හැරීමට පොලීසිය පියවර ගත් බව වාර්තා විය.



පාසලේ හැම විෂයටම දක්ෂතා දැක්වූ තම මිතුරා තමන්ට අහිමිවූ බව මියගිය සිතුෂිගේ මිතුරියක මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා තිබුණි.
පියා කඩයක වැඩ කරන බවත් තවත් කිසියම් අමතර වැඩක් වෙනුවෙන් දියනිය සමග යද්දී අනතුර සිදුව ඇති බවත් ඥාතීන් පවසා තිබේ.