මැලේසියාවේ සෙන්තුල් ප්රදේශයේ දී ශ්රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කළ ශ්රී ලාංකිකයන් දෙදෙනකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ක්වාලාලාම්පුර් පොලිස් ප්රධානී දටුක් අල්ලව්දීන් අබ්දුල් මජිද් ප්රකාශ කර ඇත.මියගිය ශ්රී ලාංකිකයන් තිදෙනා අවුරුදු 20 ත් 40 ත් අතර වයස්වල පසුවෙන්නන් බවත් මිය ගිය තිදෙනාගේ සිරුරු සෙන්තුල් ප්රදේශයේ තිබෙන ශ්රී ලාංකික යුවළකට අයත් ගොඩනැගිල්ලක දෙවැනි මහලේ නිවසේ තිබී සොයා ගත් බවත් ක්වාලාලම්පුර් පොලිසිය පවසා ඇත. මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ කඩ කාමර තිබෙන බවත් ඉහළ මහලේ නිවස පිහිටා ඇති බවත් පොලිසිය සඳහන් කර ඇත.
මියගිය තිදෙනාගෙන් එක් අයකු නිවස අයිති යුවළගේ පුත්රයා බවත් අනෙක් දෙදෙනා නිවසේ කුලියට සිටි පුද්ගලයන් දෙදෙනෙකු බවත් ක්වාලාලාම්පුර් පොලිසිය ප්රකාශ කර ඇත. මළ සිරුරු ඉකුත් 22 වැනිදා සොයා ගත් අවස්ථාවේ දී මළ සිරුරු එකිනෙක ගොඩ ගසා තිබූ බවත් එම මළ සිරුරුවල අත් පිටුපසට බැඳ මුහුණ ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කර තිබූ බවත් ක්වාලාලාම්පුර් පොලිසියසඳහන් කර ඇත.නිවස අයිති යුවළගේ පුත්රයා මෙම ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනා ද මාස 6 ක පමණ කාලයක් තිස්සේ දැන සිට ඇති බවත් සිද්ධිය වීමට දින කිපයකට පෙර ඔවුන් දෙදෙනා ද දින එම නිවසේ කාමරයක් කුලියට ගෙන දින දෙකක් එහි රැඳී සිට ඇති බවත් ක්වාලාලාම්පුර් පොලිසිය ප්රකාශ කර ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා මියගිය ශ්රී ලාංකිකයන් තිදෙනා ඝාතනය කිරීමට පෙර සිටම සැලසුම් කර තිබී ඇතැයි යන නිගමනයේ සිට විමර්ශන සිදු කරන නමුත් ඔවුන් තිදෙනා ඝාතනය කිරීමට චේතනාව කුමක්දැයි පැහැදිලි නැතැයි ක්වාලාලාම්පුර් පොලිසිය පවසා ඇත. විමර්ශන සාර්ථකව සිදු කිරීම සඳහා නිවස අයිති යුවළ දින 7 ක කාලයක් සඳහා අත්අඩංගුවට ගත් බව ක්වාලාලාම්පුර් පොලිසිය පෙන්වා දී ඇත. මෙම ගොඩනැගිල්ලේ ගැටුමක් සිදුවන බවට අසල්වැසියන් පසුගිය 22 වැනිදා පොලිසියට දැනුම් දුන් බවත් පොලිසිය එම ස්ථානයේ තිබි මළ සිරුරු එදින රාත්රී 11 ට පමණ සොයා ගත් බවත් ක්වාලාලාම්පුර් පොලිස් ප්රධානියා පවසා ඇත. මළ සිරුරු මරණ පරීක්ෂණය සඳහා යොමුකර ඇති බවත් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරෙන බවත් ඔහු ප්රකාශ කර ඇත.
විමුක්ති එස්. රුද්රිගු
0 Comments