මිනුවන්ගොඩ ප්‍රදේශයේ විවාහක කාන්තාවක රැකියාව නිමවී නිවසට පැමිණෙමින් සිටියදී මගදී හමුවූ 16 වියැති තරුණයෙකු ඇයට අතවරයක් කරන්නට උත්සාහ කර තිබූ අතර එම අවස්ථාවේ කාන්තාව ඔහු සමග පොර බදා පළයාමට සමත්වී තිබේ. අනතුරුව ඇය ඇගේ සැමියාට සිද්ධිය පැවසීමෙන් පසුව සැමියා මෙම තරුණයාව පැහැරගෙන ගොස් විවාහක බිරියත් ඇගේ සොයුරියන් දෙදෙනෙකුත් සමග එක්ව ඉතා අමානුෂික ආකාරයට 16 තරුණයාට දසවද දීමේ සිදුවීමක් වාර්තාවේ.
ලිංගේන්ද්‍රය ලාච්චුවක දමා වැසීම,ඇස් වලට හා ලිංගේන්ද්‍රයට මිරිස් ගැසීම,පණ තියෙන ගෙම්බෙකු කට තුළ මිනිත්තු 20 ක් තබාගෙන සිටීම ඇතුළු දසවද ඔවුන් ලබාදී තිබේ.
මෙම වදහිංසන ලද තරුණයා මේ වනවිට රෝහල්ගතව සිටින අතර වද හිංසා සම්බන්ධ අධිකරණය ඉදිරියේ කරුණු හෙළිකිරීමෙන් පසු සිද්ධියට සම්බන්ධ විවාහක කාන්තාව හා ඇගේ සොයුරින් දෙන්නෙකු රිමාන්ඩ් කර ඇත. ප්‍රධාන සැකකාර සැමියා පොලිසියෙන් කට්ටි පැන තිබෙන අතර ඔහු සොයා මෙහෙයුමක් අරඹා ඇත.
බිරියට අයුතු බලපෑම් කළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 16 හැවිරිදි තරුණයකු වාහනයකින් පැහැරගෙන ගොස් අමානුෂික වධ හිංසා පමුණුවමින් පහරදීමට දැනට අතුරුදන් සැමියා කටයුතු කර තිබුනේ පසුගිය 19 වනදාය.
සැකකාරිය තම සැමියාට සිද්ධිය කියා සිද්ධියට සම්බන්ධ තරුණයා හඳුනාගෙන කාර් රථයකින් ඉකුත් 19 වැනිදා දහවල් ගොස් තරුණයා නිවස අසල මාර්ගයේ සිටියදී පිහි දෙකක් බෙල්ලට තබා තර්ජනය කර පැහැරගෙන ගොස් ඇති අතර පැහැරගැනීමට පෙර තරුණයා ඇඳ සිටි ටී ෂර්ට් එක ගලවා ඔහුගේම මුහුණ ආවරණය කරවා ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පැවසීය.
පසුව පැහැරගත් තරුණයා ප්‍රධාන සැකකරුගේ නිවසට රැගෙන ගොස් මුහුණු ආවරණය ඉවත් කර බිරිඳට තරුණයා පෙන්වා හඳුනනවාදැයි අසා ‘ඔව්‘ යයි පැවසූ පසු නිවසේ කාමරයක් තුළට රැගෙන ගොස් අතින් පයින් සහ පොලු මුගුරු වලින් පහරදී තිබේ.
තරුණයා නැවත කාර් රථයේ ඩිකියේ දමාගෙන බිරියගේ මහගෙදර යයි කියන නිවසට රැගෙන ගොස් එම නිවසේ විවාහක කාන්තාවගේ සොයුරියන් සමග එක්ව කාමරයක් තුළ දී සිගරැට් සහ ලයිටර් එකකින් දෑත් පුළුස්සා ඇස් සහ පුරුෂ ලිංගේන්ද්‍රය ට මිරිස් කුඩු දමා තිබේ.
පසුව එම කාමරයේ තිබූ මේසයක ලාච්චුවටද පුරුෂ ලිංගය ඇතුළු කර අරිමින් වසමින් වධ දුන් බවත් ටිකකට පසු මේස ලාච්චුවේ සිටි ගෙම්බකු කටට දමා ගන්නා ලෙසට ද පවසා ඇත.
වද කළ කණ්ඩායම බල කර සිටි අවස්ථාවේ එම ගෙම්බා කට තුළට දමා ගෙන විනාඩි විස්සක පමණ කාලයක් සිටි බවත් සැකකරුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් බව පොලිසිය පැවසීය.
මෙම කරුණු දැක්වීම අනුව පහර කෑමට ලක් වූ තරුණයාට අයුතු බල පෑම් සිදු කළේ යැයි කියන මිනුවන්ගොඩ, ගනිහිමුල්ල, සමඟි මාවතේ පදිංචිකාරියක වන හේවාවසම් සනස්ගලගේ සන්ධ්‍යා කුමාරි, හේවාවසම් සනස්ගලගේ කුමුදු කුමාරි සහ හේවාවසම් සනස්ගලගේ නයෝමි දිපිකා යන ඥාති සහෝදර සැකකාරියන් තිදෙනා රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.
ප්‍රධාන සැකකරුගේ බිරියට යම් අසාධාරණයක් සිදු වී ඇති නමුත් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට සාමාන්‍ය ජනතාවට ඉඩකඩ නොමැති බව අධිකරණ විනිසුරුවරිය දන්වා සිටියාය. එළඹෙන 4 වැනිදා දක්වා තිදෙනා රිමාන්ඩ් කරන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු මහත්මිය පෙරේදා (21) පස්වරුවේ නියම කළාය.
ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පැමිණිල්ල මෙහෙයවූ පොලිසිය දන්වා සිටියේය.
ලබන මස 4 වැනි දාට නඩුව නැවත කැඳවීමට නියම කෙරුණි.
0 Comments