මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිවසට ඇතුළු වූ පුද්ගලයකු එහි තිබූ මුදල්, ඒටීඑම් කාඩ්පත්, ජාතික හැදුනුම්පතක්, වැදගත් ලියකියවිලි සහරියැදුරු බලපත්‍ර දෙකක් සොරාගෙන ගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම සොරකම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසියට පෙරේදා (23) පැමිණිලි කර ඇත.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාට අයත් රියැදුරු බලපත්‍රය ඔහුට අයත් රාජ්‍ය පෞද්ගලික බැංකුවල පොත්, ඒටීඑම් කාඩ්පත් ද ඒ මහතාගේ බිරිඳට අයත් ජාතික හැඳුනුම්පත රියැදුරු බලපත්‍රය හා මුදල් පසුම්බියද සොරාගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් සොරාගෙන ගිය ඒටීඑම් කාඩ්පත් යොදා ගනිමින් සහ නිවසින් සොරාගත් මුදල්වල වටිනාකම රුපියල් 2,70,000ක් වන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
මේවා සොරාගෙන ගිය පුද්ගලයා ගැන මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම දේපොළ සොරාගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
0 Comments