minuwangoda-incident

මිනුවන්ගොඩ අලුතපොල ප්‍රදේශයේ  නිවසක පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයකුට පොල්ලකින් ගසා මරා දමා ඔහුගේ දියණිය  කැටිව පළා ගිය අයෙකු අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.



පලාගිය පුද්ගලයා ,74 හැවිරිදි  පුද්ගලයාගේ දියණිය සමඟ අනියම්  සම්බන්ධතාවක් පවත්වාගෙන යන අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙක් පැවැසීය.

මෙසේ ඝාතනය කර ඇත්තේ ජයසිංහආරච්චිලාගේ ප්‍රේමරත්න නමැති අයෙකි.පේමරත්න නැමැත්තා ඔහුගේ වයෝවෘද්ධ බිරිය සහ දියණිය සමඟ  නිවසේ සිටින අතරවාරයේදියණිය සමග අනියම් සම්බන්ධතාවයක්  පවත්වාගෙන යන බව කියන පුද්ගලයා නිවසට පැමිණ ඇතැයි පොලිසිය කියයි.

ඒ අවස්ථාවේ ඇති වූ බහින් බස් වීමකින් පසුවපේමරත්න නැමැත්තාට පොල්ලකින් ගසාඔහුගේ දියණිය ද කැටිව සැකකරු නිවසෙන් පලා ගොස් ඇතැයිඑම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)