minuwangoda-sleepless-town

මිනුවන්ගොඩ නගරය වාණිජමය වටිනාකමක් ඇති නොනිදන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසත්ත රණතුංග මහතා අවධාරණය කළේ දියුණු තාක්ෂණය භාවිත කරමින් නූතන ලෝකයට ගැළපෙන ලෙස මිනුවන්ගොඩ නගරය සංවර්ධනය කළයුතුබවයි. මිනුවන්ගොඩ නගර සංවර්ධනය සම්බන්ධයෙන් ඊයේ (14දා) බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මීට පෙර සියක් නගර සංවර්ධන සැලසුම යටතේ මිනුවන්ගොඩ නගරය අලංකාර කර තිබේ.



අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී  අවධාරණය කළේ මෙම නගරය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට සමීපව පිහිටා ඇති බැවින්, නගර සැලසුම සකස් කිරීමේදී වාණිජමය වටිනාකම වැඩි වන ආකාරයට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස එය. ස්කස් ස්කරන ලෙසයි. ඒ අනුව පෞද්ගලික රෝහල්, රථගාල්, නව වෙළද සංකීර්ණ, ක්‍රීඩාංගණ, විනෝද උයන් ආදියෙන් සමන්විතව නගරය සංවර්ධනය කළයුතු බවද හෙතෙම සදහන් කළේය.එමෙන්ම මිනුවන්ගොඩ නගරය මගහැර ඉතාම පහසුවන් ගුවන් තොටුපොළ වෙත ළඟා වීම සදහා මිනුවන්ගොඩ නගරය ආසන්නයේ පිහිටි අඹගහවත්ත ප්‍රදේශයේ සිට නව මාර්ගයක් ඉදි කළයුතු බවද හෙතෙම සදහත් කළේය.



එහිදී නාගරික සංවර්ධන අධිකාරයේ නිලධාරීන් සදහන් කළේ, නගර සංවර්ධනයට මිනුවන්ගොඩ නගරමයේ පිහිටි අක්කර නවයක විශාලත්වයකින් යුතු ඉඩමක් පවරාගත යුතු බවයි. අමාත්‍ය ප්‍රසත්ත රණතුංග මහතා පැවසුවේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතියට යටත්ව එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට කටයුතු කරන ලෙසයි. ඒ සදහා අවශ්‍ය අවසරය බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ෂ්ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාගෙන් ලබාගන්නා ලෙසද අමාතෘවරයා මෙහිදී නිලධාරීන්ට උදදුන්නේය. එමෙන්ම නගර සංවර්ධනයේදී මතුවන ගැටලු විසදීමට කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසද හෙතෙම පැවසීය. මිනුවන්ගොඩ නගර සභාවේ දැනට ඇති මූල්‍ය ප්‍රතිපාදන යොදා ගනිමින් නගර සංවර්ධනයේ මූලික සැලසුම් ආරම්භ කරන ලෙස උපාදස් දුන් අමාතවරයා, අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමට තමන් මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බවද පැවසුවේය.

නවෝද්‍ය පවනි