වසංගත රෝග විද්‍යා ආයතනයේ හිටපු අධ්යක්ෂවරියක විදේශගතවූ අවස්ථා 29 කදී අනුමත කරන ලද නිවාඩු ඉල්ලුම්පත්‍ර දුන් බවට සනාථ කළ හැකි තොරතුරු විගණනයට ඉදිරිපත් කර නැතැයි යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.රාජකාරි කටයුත්තක් සඳහා විදේශගත වන්නේ නම් අග්‍රාමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගත යුතු බවත්
පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වන්නේ නම් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය හෝ දිවයිනෙන් බැහැරව ගතකරන නිවාඩු සඳහා 126 වැනි පොදු ආකෘති පත්‍රයේ අනුමත නිවාඩු ඉල්ලුම්පත්‍ර හෝ දිය යුතු බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර මඩකලපු ශික්ෂණ රෝහලට අයත් රජයේ නිවාසවල පදිංචිව සිටි විවාහක හෙද නිලධාරීන් 14 දෙනකු වෙනුවෙන් එම රෝහල ගෙවා තිබූ රුපියල් හත් ලක්ෂයකට අධික විදුලි ගාස්තුවක් නිලධාරීන්ගෙන් අය කරගෙන නොතිබූ බවද වාර්තාවේ දැක්වේ.නිවාස කමිටුවක් පත් නොකර රෝහලේ කාමර එකසිය තුනකින් සමන්විත රජයේ නිවාස නවයක් නිලධාරීන්ට වෙන්කරදීමට මඩකළපු රෝහල් බලධාරීන් කටයුතු කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
සුජිත් හේවාජුලිගේ
0 Comments