moratuwa-upul-thusitha-kumara

මොරටුව, එගොඩඋයන, විජයපුර ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ පෙරවරුවේ සොයා ගත් අතර මොහු කවුරුන්ද යන්න සොයා බැලීමේදී ප්‍රකට ඖෂධ සමාගමක කළමනාකරුවෙකු බවත් මහරගම පදිංචි ඔහු අන්තිම කැමැත්ත ලිපියකින් ලියා දිවිනසාගන්නා බව දන්වා පැමිණ මේ ආකාරයට මියගොස් ඇති බවත් පොලිසිය අනාවරණය කර ගත්තේය.

මෙම පුද්ගලයා වෙරළ තීරය දෙසට ඇවිද යන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර එම පුද්ගලයා උදෑසන මෝටර් රථයකින් පැමිණ රථය මාර්ගය අසල නවතා මුහුද දෙසට ගමන් කරන ආකාරය එහි සටහන් විය.
‘ඩොක්ටර්‘ යයි සටහන් වූ වාහනය වෙරළ අසළ නතර කර තිබුණි.
මොරටුව, එගොඩඋයන, විජයපුර ප්‍රදේශයේ මුහුදු වෙරළේ තිබී ඊයේ පෙරවරු 11ට පමණ මෙම සිරුර ප්‍රදේශවාසීන් දැක තිබුණි
 ප්‍රදේශවාසීන් ඔහුව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබුණත් එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.



මෙලෙස මියගොස් තිබුණේ මහරගම ප්‍රදේශයේ පදිංචිව සිටි උපුල් තුසිත කුමාර නමැති 53 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ඖෂධ අලෙවි කරන ආයතනයක කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති අතර මානසික ආතතිය සඳහා ප්‍රතිකාර ලබාගත් අයෙකු බවද වාර්තා විය. මිය යන්නට පෙර
අන්තිම කැමති පත්‍රයකින් බිරියට සහ දරුවන්ට සිය දේපළ ලියා තිබීම නිසා ඔහු සැලසුම් කර සිදු කරගත් මරණයක් බවට මේ වනවිට කරුනු අනාවරණය වේ.
 53 හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු පෙරේදා (11) රාත්‍රී සිය ආයතනයේ සිට නිවසට පැමිණ ඔහුගේ නමට තිබෙන දේපල බිරිය සහ දරු දෙදෙනාට බෙදීයන ආකාරය අන්තිම කැමති පත්‍රයක සඳහන් කර, පැළඳ සිටි රන් ආභරණද ගලවා ලබාදී, අනතුරුව මුදල් පසුම්බියේ තිබූ මුදල් ද ලබාදී මට මැරෙන්න හිතිලා කියා පැවසී යයි මළ සිරුර හඳුනා ගැනීමෙන් අනතුරුව බිරිඳ සිදුකළ ප්‍රකාශයක සදහන් වෙයි.

කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පුතුව පාසලට ඇරලවා ඔහු සේවය කරන සමාගමට අයත් මෝටර් රථයෙන් එගොඩ උයන ප්‍රදේශයේ ජයන්ති මාවත අසලට පැමිණ මෝටර් රථය නවතා මද වේලාවක් ඒ මේ අත ඇවිදිමින් සිට අනතුරුව මුහුදු වෙරළ දෙසට ගොස් වැටකෙයියා ගාල අසල ඇඳ සිටි ඇඳුම් උනා තබා මුහුදට පැන ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත



අනතුරුව පැය දෙකහමාරකට පමණ පසු ඔහුගේ මළ සිරුර ඔහු මුහුදට පැන්න ස්ථානයේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් විජිත මාවත ප්‍රදේශයට ගොඩගසා තිබියදී ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක් අනුව පොලිසිය මඟින් සොයාගෙන තිබුණි.

එම පුද්ගලයා පැමිණි බව කින මෝටර් රථය නවතා තිබූ ස්ථානයේ ගොඩනැගිල්ලක සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන පරික්ෂා කිරීමේදී මියගිය අය මෝටර් රථයෙන් බැස මඳ වේලාවක් රැඳී සිට මුහුද දෙසට යන අයුරු එහි සටහන්ව තිබුණි.

මළ සිරුර ගොඩගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාගේ උදරයේ පිරුණු වතුර සෙම ආකාරයෙන් මුවින් වැහෙන්නට වූයෙන් ඔහුට පණ තිබෙන බවට කීපදෙනෙකු ප්‍රකාශ කරන්නට වූ බැවින් වහා ඔහු පානදුර මූලික රෝහලට රැගෙන ගියත් වන විටත් ඔහු මියගොස් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ

මියගිය අය මානසික ආතති රෝගී තත්ත්වයකින් පෙලුනු බවට නිවැසියන්ගෙන් තොරතුරු අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

මොරටුව අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගයාන් පෙරේරා මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ පැවැත්වීය. එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.