mother-daufgter-abuse

පියා පවුලෙන් වෙන්ව සිටින, වයස අවුරුදු පහළොවක් වූ බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරිම සඳහා අනියම් පුරුෂයාට ආධාර අනුබලඳුන් දැරියගේ මව සහ දැරියට අතවර කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (15) දහවල් සිට පරික්ෂණ අරඹා ඇතැයි දිවුලපිටිය පොලිසිය පවසයි.
ලිංගික අතවරයට ලක්වූ බාල වයස්කාර දැරිය මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. දිවුලපිටිය, මරදගහමුල නගරයට ආසන්න ප්‍රදේශයක පදිංචිව සිටින මීගමුව ප්‍රදේශයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන දැරිය සහ දැරියගේ සහෝදරයා මව විසින් කරන ලද පැමිණිල්ලක් මත පෙරේදා (14) දිවුලපිටිය පොලිසියට කැඳවා තිබූ බව පොලිසිය කියයි.


දෙපාර්ශ්වයම පොලිසියට පැමිණ තිබූ අතර, මවට පහර දීමට තැත් කිරීම් සහ මරණය තර්ජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, නිසි භාරකාරත්වයක් නොමැතිවීම හේතුවෙන් දැරිය පොලිස් භාරයට ගෙන තිබේ. නිසි භාරකාරත්වයක් සහ රැකවරණයක් නොමැතිව සිටි දැරිය සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසට ඉල්ලා දැරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර මිගමුව දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත එම දැරිය ඊයේ (15) ඉදිරිපත් කළ බව දිවුලපිටිය පොලිසිය පවසයි.

දැරියව අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැරියව ලිංගික අපයෝජනයට ලක්වී ඇති බවට වෛද්‍ය වාර්තාවේ සඳහන්ව තිබූ බව පොලිසිය පවසයි. පසුව දැරිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මවගේ අනියම් සැමියා විසින් ඉකුත් ජූලි මාසයේ සිට නදෙවසේ කාමරයක් තුළදී වරින් වර ලිංගික අතවර කළ බවට දැරිය පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

දැරියගේ මව මීගමුව රෝහල ආසන්නයේ කඩයක් පවත්වාගෙන යන බවත් දැරිය පාසල නිම වී මව සිටින ස්ථානයට යන බව ප්‍රකාශ කර ඇතැයි ද පොලිසිය කියයි.

පාසල නිමවී දැරිය මව සිටින කඩේට ගිය විට මවිගේ යතුරුපැදිය ඇයගේ අනියම් සැමියාට ලබා දී දැරියට එම අනියම් සැමියා සමඟ නිවසට පිටත් කර යවන බවක් නිවසේ කිසිවෙකුත් නොමැති නිසා මවගේ අනියම් සැමියා දැරිය බියට පත් කර තර්ජනය කරමින් දැරියට ලිංගික අතවර කළ බවටත් දැරිය වැඩිදුරටත් ප්‍රකාශයක් ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
සුදුසු භාරකාරත්වයකට පක් කරන ලෙස ඉල්ලමින් දැරිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. දැරියගේ මව සහ අනියම් සැමියා පදිංචි නිටවසින් අතුරුදන්ව ඇති බව ද පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

ටෝනි කරුණානායක