nawas-sherif-pakistan

පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට වීඩියෝ මාර්ගයෙන් ලාහෝර්හි පක්ෂ සාමාජිකයින් අමතමින් වර්තමාන පාලනය විවේචනය කර සිටියේය.ඔහු කියා සිටියේ
‘අද පකිස්තාන අගමැතිතුමා එක එක රටවලට හිඟාකමින් යනවා.


ඉන්දියාව සඳ මතටත් ගිහින්, G20 සමුළුව පවත්වලා. ඉන්දියාව අත්කරගත් දේ පාකිස්තානයට ලබා ගැනීමට නොහැකි වූයේ ඇයි? කවුද මේවට වග කියන්නේ?‘

ෂරීෆ් කියා සිටියේ අතල් බිහාරි වජ්පායි රටේ අගමැතිව සිටියදී ඉන්දියාව සතුව ඩොලර් බිලියනයක විදේශ මුදල් සංචිත තිබූ බවයි. අද ඉන්දියාවේ විදේශ විනිමය සංචිත කෝටි 60,000කි. එය එසේ තිබියදී පකිස්තානය හිඟාකන බව ඔහු කියයි.



පසුගිය ජූලි මාසයේදී IMF විසින් පකිස්තානයට ඩොලර් බිලියන 1.2ක් ලබාදී තිබුණේ එහි ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාර කිරීම සඳහාය.

නවාස් ෂරීෆ් ඔක්තෝබර් 21 වැනිදා යළි රටට පැමිණෙන බව නිවේදනය කර තිබේ. ඔහු පසුගිය වසර හතරක කාලය තුළ ලන්ඩනයේ ස්වයං පිටුවහල් තත්වයක සිට ඇත. පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීම සඳහා තමා යළි දිවයිනට පැමිණෙන බව නවාස් ප්‍රකාශ කළේය.