neelagiri-seya

ඓතිහාසික නීලගිරි සෑයේ සිදුකරන සංරක්ෂණ කටයුතුවල දී මැටියෙන් නිමකළ ඉපැරැණි මංජුසාවක් සිකුරාදා 22 හමු වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැරැණි ගොවිපළ වසමේ වනගත ප්‍රදේශයක මෙම සිද්ධස්ථානය පිහිටා ඇත.චෛත්‍ය ආශ්‍රිතව ගිලිහී යමින් තිබුණු ස්ථානයක තිබී හමු වූ මෙම මංජුසාව මෙයට පෙර හමු වූ පුරාවස්තු මෙන් එම ස්ථානවලම තැන්පත් කර නොමැති අතර ඒවා පුරාවස්තු ලෙස ලේඛනගත කර අදාළ අංශ දැනුවත් කිරීමට කැණීම් නිලධාරීන් පියවරගෙන ඇත.

සුදු වර්ණයක් ආලේප කර ඇති බවට සලකුණු දක්නට ඇති මෙම මංජුසාවෙහි වැස්ම ස්ථාන පහකින් පමණ කැඩී පුපුරා ගොස් තිබුණු අතර,

ඒ තුළ පිරී තිබුණු පස් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.සුදු වර්ණයක් ආලේප කර ඇති බවට සලකුණු දක්නට ඇති මෙම මංජුසාවෙහි වැස්ම ස්ථාන පහකින් පමණ කැඩී පුපුරා ගොස් තිබුණු අතර, ඒ තුළ පිරී තිබුණු පස් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත. එහිදී පළිඟු පාෂාණයෙන් නිමකර ඇති බවට අනුමාන කළ හැකි කරඬු දෙකක කොටස් හමු වී ඇත.

ඒ සඳහා සිදු කිරීමට නියමිත විද්‍යාගාර පරීක්ෂණ වලින් අනතුරුව ඒවා තුළ ධාතූන් වහන්සේලා තැන්පත් කර තිබුණා ද යන්න ගැන හා තඹ හෝ රන් පත්වල සඳහන් වූ තොරතුරු ගැන අනාවරණයක් කළ හැකි වන බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.මෙම සංරක්ෂණ පාදා ගැනීම් කටයුතුවල දී හමුවූ භාණ්ඩ සම්බන්ධව වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය වෙත දැනුම් දීමෙන් පසුව ලැබුණු උපදෙස් මත එදිනම සවස අම්පාර මහ දිසාපති චින්තක අබේනායක මහතා භාරයට එය පත් කර අම්පාර කච්චේරියේ තාවකාලිකව තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර නීලගිරි සෑයේ මෙයට පෙර හමු වූ පුරාවස්තු විවිධ පරීක්ෂණ හා අවශ්‍යතා මත වෙනත් ස්ථාවලට ගෙන ගොස් ඇති බවත් ඒවා නැවත ලැබී නැති බැවින් මෙම භාණ්ඩ පිටස්තර ප්‍රදේශවලට රැගෙන යනවාට

එහි ජනතාව අතර දැඩි විරෝධයක් මතු වී තිබේ. ඒ අනුව මංජුසාව රැගෙන යෑම නතර කර දෙන ලෙස ප්‍රදේශවාසීහූ ලාහුගල ප්‍රාදේශීය ලේකම් නවතී ද රාජා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. එහෙත් ඒ පිළිබඳ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු නෛතික කරුණක් බැවින් මේ සම්බන්ධ පියවර ගන්නා ලෙස දිසාපතිවරයා දැනුවත් කළ බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.ඉඳිගස්ඇල්ලේ පුඤ්ඤරතන හිමියන් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ අම්පාර මඩකලපුව අනුෂන් මුණසිංහ, ග්‍රාම නිලධාරි උදාර අනුරුද්ධ, ගුවන් හමුදාවේ ස්ථානභාර නිලධාරී, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ භාර නිලධාරීන් රථ වාහන හා කැණීම් අංශයේ නිලධාරින්  ස්ථානාධිපති ප්‍රධානපොතුවිල පොලිසියේ ස්ථාන භාර නිලධාරි  පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න යන මහත්වරුන් ඉදිරියේ මෙම පුරාවස්තු මතු කරගන්නා ලදී.

වසන්ත චන්ද්‍රපාල