nepal-teachers-strike

නේපාලයේ සිදුකරන්නට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව විරෝධය පළ කරමින් 110,000ක් පමණ රජයේ ගුරුවරුන් දැවැන්ත වර්ජනයක් අරඹා ඇත.
නේපාල පාර්ලිමේන්තුව ගෙනෙන්ට යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් බ්‍රහස්පතින්දා විශාල පිරිසක් කත්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල දෙසට ගමන් කළහ.
සියලුම රජයේ පාසල්වල මිලියන සංඛ්‍යාත සිසුන්ගේ පන්තිවලට බාධා පමුණුවමින් ක්‍රියාත්මක වන නේපාලයේ දැවැන්ත ගුරු වර්ජනය මේ වනවිට එහි තුන්වන දිනයටද පැමීණ තිබේ.
පාසල්වල අධීක්‍ෂණය පළාත් පාලන ආයතනවලට පැවරීමේ යෝජනාවලට සහ ගුරුවරුන් දේශපාලන හිතවත්කම් ඇති කණ්ඩායම්වලට එක්වීම තහනම් කිරීමට නව ප්‍රතිසංස්කරණ හරහා ගෙනෙන තීරණ වලට ඔවුන් විරුද්ධ වී ඇත.
විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක පසුකර යාමට උත්සාහ කරන විට ගැටුම් තත්වයක් උද්ගත වී ඇත.


සිම්රන් නම් දැරියෙග් මව වන සබිත්‍රි පැවසුවේ ඇය තම දියණිය රැකබලා ගැනීම සඳහා දින කිහිපයක් රැකියාවට ගොස් නැති බවයි.
නේපාල ගුරුවරුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සටනට විශේෂයෙන් සම්බන්ධ වූහ. රටේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1959 දී පැවැත්වූ අතර දේශපාලන පක්ෂ විසින් ගුරුවරුන් ක්‍රියාකාරීන් ලෙස බඳවා ගැනීමට බොහෝ කලක සිට උනන්දු වී ඇත.
නමුත් ඇතැම් අධ්‍යාපන විශේෂඥයන් තර්ක කරන්නේ ගුරුවරුන් දේශපාලනයට සම්බන්ධ වීම අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට හානි කරන බවත් ඒම නිසා මෙම ආයතන තුළ පක්ෂ දේශපාලනය තහනම් කළ යුතු බවටත්ය.


ෆෙඩරල් රජයට පමණක් සීමා විය යුතු බව පවසන පාසල්වල පළාත් පාලන අධීක්‍ෂණය ලබාදීමේ සැලසුම්වලට ද ගුරුවරු විරෝධය පළ කරති.
2015 දී සම්මත කරන ලද ව්‍යවස්ථාමය වෙනසක් තුලින්, පාසල් සහ රෝහල් වැනි ඇතැම් රාජ්‍ය ආයතනවල පාලනය පළාත් පාලන ආයතන වෙත මාරු කරන ලදී.

 වසර 8ක් ගතවී ඇතත් ඇතැම් ගුරුවරුන් මැසිවිලි නගන්නේ ප්‍රාදේශීය නිලධාරීන් පාසල් පවත්වාගෙන යාමට නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පහත වැටී ඇති බවටයි.

"මම කොච්චර කල් ඒක කරන්නද? ගුරුවරුන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය උදුරා නොගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතුයි," යැයි ඇය පැවසුවාය.

කෙසේ වෙතත් බොහෝ නේපාල ජාතිකයින් මෙම පනතට සහාය දක්වන අතර, ඔවුන් විශ්වාස කරන්නේ ඒ් තුලින් ගුරුවරුන් අතර වැඩි වගවීමක් සහතික කරන බවයි.