nuwara-eliya-eye-issue

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අප්‍රේල් මාසයේ සිදුකළ අක්‍ෂි සායන 37න් සංකූලතා ඇති වූවන්ගේසංඛ්‍යාව 17ක් සහ මුළුමනින්ම අන්ධභාවයට පත් වූවන්ගේ සංඛ්‍යාව 02ක් බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තහවුරු කරයි.නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී ඊයේ (31දා) පැවති රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සංවිධානය කළ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔවුහු මේ බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අක්‍ෂි විශේෂඥ වෛද්‍ය කණිෂ්ක මහතා,

"නොයෙක් තොරතුරු සමාජගත වුවත් මෙහි සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීමට නොයෙක් පුද්ගලයන් බිය වීම හමුවේ මහජනතාවට දැනගැනීම පිණිස මෙය හෙළි කරනවා. මහජනතාව හිතන් ඉන්නේ ඇස්වලට දාන බෙහෙත වැරදුනේ දොස්තරලා නිසා කියලා. මේකෙ වගකීම අපට බාර ගන්න බැහැ. ඒකට මූලිකවම වගකියන්න ඕන වර්තමාන රජය.බාල බෙහෙත් ගෙන්නන්නේ රජයේ ලාභ ප්‍රයෝජන සදහා. නොයෙක් බෙහෙත් වරිග ගෙන්නන්න තුන් කල්ම හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්නන්නේ බහුතරයක්ම බාල බෙහෙත්. ඒකෙන් එකක් තමයි පෙඩ්නසිලෝන් අක්‍ෂි ඛෙහෙත, මින් ඉදිරියටවත් මේ වගේ බාල බෙහෙත් ගෙන්නන්නේ නැති වෙන්න වගබලා ගන්න ඕන.



වෛද්‍යවරුන් කියලා අපි හිටියත් අපි සමහර තැන්වලදී මානසික ලෙඩ වගේ තමයි අපිව ඒ තත්ත්වයට ඇදදාලා තියෙන්නෙත් රජය විසින් වෛද්‍යවරුන්ට හරිහැටි සලකන්නෙ නැති නිසා  පහසුකම් හදලා දෙන්නෙ නැතිනිසා වෛද්‍යවරු විශාල ප්‍රමණයක් රට හැරලා යනවා. එහෙම ගියාම ඉතිරි වෙන වෛද්‍යවරුන් දවසකට වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ තුන්දෙනෙකුගේ වැඩ කරන්න වෙලා. ඒ තත්ත්වය නිසා දැඩි පීඩනයකට පත් වෙන්න සිදුවෙනවා එවිට අපට නිදහස් මනසක් තියාගෙන වැඩ කරන්න බැරි වෙනවා.

දිගින් දිගටම මේ වගේ යන්න දුන්නොත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය කඩාවැටෙනවා වගේම මහජනතාවට රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගැන ව්ශ්වාසය අන්තිම බින්දුවටම බහිනවා. අක්‍ෂි සායනවලින් අගතියට පත් වූවන්ට රජයේන් කිසිදු වන්දියක් වූ සහනයක් ලබාදීලා නෑ. එසේම වන්දියක් ලබාදුන්නත් නැවත ඇස් පෙනීම ලැබුණේ නැත්තං ඒ වන්දිය කී දවසකටද? වන්දියෙන් එහා දෙයක් ඒ අහිංසක ජනතාවට ලබාදීම අනිවාර්ය වෙනවා” යනුවෙන් පවසා සිටියේය.

රංජිත් රාජපක්‍ෂ