olympic-2024-un

ලබන වසරේ පැරිස් ඔලිම්පික් උළෙලේදී ප්‍රංශ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිජාබය පැළඳීම තහනම් කිරීමට ප්‍රංශ රජය ගත් තීරණය ,එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය විසින් විවේචනයට ලක් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකා මාරියා හර්ටාඩෝ පැවසුවේ, “කාන්තාවකට ඇඳිය යුතු හෝ පැළඳිය යුතු දේ කිසිවෙකුට තීරණය කල නොහැකි බවයි.



“කණ්ඩායමක් වෙනස් කොට සැලකීම හානිකර ප්‍රතිවිපාක ඇති කිරීමට හේතු විය හැකි බවද ඇය පැවසුවාය. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුව, මහජන ආරක්ෂාව, මහජන සාමය , මහජන සෞඛ්‍ය හෝ සදාචාරය සඳහා අවශ්‍ය නියාමනයන්, සමානුපාතික ආකාරයෙන් නීත්‍යානුකූලව විශේෂිත තත්වයන් යටතේ පමණක් පිළිගත හැකි අතර,

එය වලංගු වන්නේ ඇදහිලි තේරීම් වැනි ආගම් හෝ විශ්වාසයන් සදහා පමණක් බව. ” ඇය වැඩිදුරටත් පැවසුවාය.

හර්ටාඩෝගේ ප්‍රකාශයෙන් පසුව ,  ප්‍රංශ ක්‍රීඩා අමාත්‍ය Amélie Oudéa-Castéra විසින් “ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දැඩි ලෙස ක්‍රියාත්මක වන දැඩි පාලන තන්ත්‍රයකට පක්ෂව තර්ක කරමින් කියා සිටියේ  " එයින් අදහස් කරන්නේ ඕනෑම ආකාරයක අන්‍යාගම් තහනම් කිරීම සහ රාජ්‍ය සේවයේ නිරපේක්ෂ මධ්‍යස්ථභාවයයි, ”යැයි පැවසීය.

අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය සීඑන්එන් වෙත පැවසුවේ, පාපන්දු ක්‍රීඩා වලදී හිජාබය පැළඳීම තහනම් කිරීම සඳහා ජුනි මාසයේදී උසාවිය දුන් තීන්දුව ගැන සඳහන් කරමින්, අමාත්‍යවරයා “සරලව නීතිය නැවත අවධාරණය කළ” බවයි.



අමාත්‍යාංශය පැවසුවේ එම තීන්දුවට අනුව “ප්‍රංශ කණ්ඩායම් රාජ්‍ය සේවයේ මධ්‍යස්ථභාවයේ මූලධර්මයට යටත් වන අතර, ඔවුන් තෝරාගත් මොහොතේ සිට සියලුම ජාතික හා ජාත්‍යන්තර තරඟ වල අවසානය දක්වාම ” මෙය ක්‍රියාත්මක වන බවයි. “මේ අනුව, ජාතික හෝ ජාත්‍යන්තර ක්‍රීඩා තරඟයකදී ප්‍රංශය නියෝජනය කරන විට කෙනෙකුට හිස් ආවරණයක් (හෝ ආගමික අනුබද්ධයක් පෙන්නුම් කරන වෙනත් උපාංගයක් හෝ ඇඳුමක්) පැළඳිය නොහැක.

අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අදාළ නීති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අධීක්ෂණය යටතේ එක් එක් ජාත්‍යන්තර සම්මේලන විසින් සකසන බව පැවසු හර්ටාඩෝට පිළිතුරු සපයමින් ප්‍රංශ අමාත්‍යවරයා කියා සිටියේ "ක්‍රීඩාව අතර විෂමතාවයක් පවතිනු ඇති බවයි,".