බිරියට මොනරුන් බලන්නට සලස්වා මෝටර් ඊයේ තිබූ ඇගේ සෙරප්පු කැලයට විසිකර එය අසුවීමෙන් පසු බිරියට රුපියල් හාරදහසක නවන පන්නයේ පාවහන් යුගලක් මිලදී ගෙන දුන් සැමියකු පිළිබඳව පසුගියදා දකුණේ ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය.
මොහු පරසිදු ව්‍යාපාරිකයෙකි. පසුගියදා ගමින් බැහැර ව්‍යාපාරික කටයුත්තක් සදහා ගමන් කළේ නවීන මෝටර් රියෙනි. මේ යන ගමනේදී ඔහු තමන්ගේ පැරණි හිතවතියක හමුවීමටද ගියේය. දෙදෙනා අතීත සැමරුම්වල නිරතව සිටියදී මේ ව්‍යාපාරිකයා පැරුණි හිතවතියට සාප්පු සවාරියක යාමට ඇරියුම් කළේ ගමින් දුර බැහැරක නිසා තම විවාහක බිරියට මේ බව දැන ගන්නට නොලැඛෙන බව සිතමිනි.
පැරැණි හිතවතියද ඔහුගේ ඇරයුම එක සිතින් පිළිගත්තාය. කලකින් පැරණි පෙම්වතා හා යන්නට ඇය ඔහු හා ඔහුගේ රියට ගොඩවූවාය. ගමනේ යන අතර දෙතුන් තැනකදීම මේ දෙදෙනා සාප්පුසිරි නරඹන්නට අමතක කළේ නැත. ඒ අවස්ථාවලදී පැරණි හිතවතිය රියෙන් බැස්සේ මිලට ගත් අලුත් පාවහන් යුගළක් සමග බව ඔහු දුටුවේය. සාප්පු සවාරියෙන් පසු පැරැණි හිතවතිය ආරලවා ඔහු ගම බලා ගියේ ඉඩ ලද විටක යළි එන බවට සපථ කරමිනි. නිවසට ගිය සැමියාට බිරියගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වුයේ නිවසේ අඩු පාඩු රැසක් වන බැවින් කඩ මණ්ඩියට යාම සදහාය. බිරිය රියට ගොඩවූ වහාම පාවහන් යුගල ගලවා පැත්තකින් තැබුවාය. ටික දුරක් යද්දී සැමියා දුටුවේ රියදුරුගේ අසුන අසල පාවහන් යුගලක් තිබෙන බවයි. එය පැරැණි හිතවතියගේ බවට ඔහු අනුමාන කළේය. බිරිය එය දුටුවොත් මහ වින්නැහියක් සිදුවෙන්නට පුළුවන් බව සිතූ සැමියා හදිසි තීරණයක් ගත්තේය. මග අයිනේ මොනරුන් සියටිනු ඔහු දුටුවේ මේ අතරය.
"අනේ අර බලන්න ලස්සන මොණරු ටිකක්. බැහැලා බලමු සැමියා යෝජනා කරද්දී බිරිය පැවසුවේ මොනරුන් නිතර දකින බවත් බැස බලන්න විශේයක් නැති බවය.
එහෙත් සැමියාගේ ඇවිටිල්ල මත ඇය රියෙන් බිමට බැස්සත් සැමියාගේ ක්‍රියාව ඇයට ඇල්ලුවේ නැත. ඇය දැඩි කල්පනාවෙන් සිටියදී සැමියා
සැකසහිත ලෙස පාවහන් යුගල කැලයට විසි කරනවා ඇය දුටුවාය.
මොකක්ද මිනිහෝ කළේ මගේ සෙරෙප්පු කුට්ටම අරත් මාස දෙකක්වත් නැහැ. ඇය ආඩපාලි කියද්දී තමන්ට වැරදුණ බව සැමියාට තේරුම් ගියේය.
දැන් කරන්නට දෙයක් නැත. අනේ එකේ පටියක් කැඩිලා තිබුන නිසා විසි කළේ ඔහු නිදහසට කරුණු කීවත් බිරිය ඒ බව පිළිගන්නට සුදානම් නොවූවාය. කඩ මණ්ඩියට යාම පසකලා 'ඔහු ළඟම නගරයට ගියේ බිරියට අලුතින් පාවහන් යුගලක් මිලදී ගෙන දෙන්නටය. එසේ සිදුවුවත් සැමියාගේ ක්‍රියාව පිටුපස කිසියම් හොරයක් ඇතැයි සිතන බිරිය දැඩි සැකයකින් කල්ගත කරන්නේ සැමියාගේ හොරය අල්ලා ගනු පිණිසය.
නමුත් එය හසුවූයේ නැත.
පුෂ්පකුමාර මල්ලවආරච්චි
0 Comments