police-jack-incident

සවස් වරුවක පොලිස් රථයකින් පැමිණි නිලධාරීන් තිදෙනා වාහන පරික්‍ෂා කරන්නට වූහ. මාර්ග නීති කඩ කරන රියදුරන්ට එවලේම දඩකොළ නිකුත් කෙරිණි. නිලධාරීන් තම කටයුතුවල යෙදුනේ රාජකාරිය දේව කාරියටටත් වඩා සලකමිනි. පැය කිහිපයක් ගතවිය.

එක් පොලිස් නිලධාරියෙක් වටපිට බලමින් පාර අයිනේ කොස් විකුණන තරුණයා වෙත පැමිණියේය. කොස් අඩංගු මේසය මත සිගරට්ටුවක් සහ ලයිටරයක් තිබිණි. එය දුටු නිලධාරියා පාරේ ඉඳන් සිගරට් බොන්න තහනම් කියලා දන්නැද්දැයි’ විමසීය. ''අනේ සර් මොනවා කරන්නද? උදේ ඉඳින් මෙතනට වෙලා වේදී වේදී කොස් වකුණනවා ඔහු පැවසීය.



" ඒ උනාට සිගරට් එක බොන්න නේද හැදුවේ '' නිලධාරියා විමසු වට. " ඔව් සර්” ඔහු කීය. " හරි හරි මට දිපන්කෝ උඹේ ලයිටරේ ” යි
පැවසූ පොලිස් නිලධාරියා ලයිටරය ගෙන පාර පැන, නිවසක ඉදිරිපස වත්තට ඇතුළු විය. කොස් වෙළෙන්දා නිලධාරියා කුමක් කරන්නේ දැයි විපරම් කළ වට දුටුවේ ගසකට මුවාවී ඔහු දුම් වැටියක් උරන අයුරුය. කොස් වෙළෙන්දාගේ මුවගට සිනඟව නැගිණි. විනාඩි කිහිපයකින් පොලිස් නිලධාරියා පේර දල්ලක් සපමින් පැමිණියේය. ලයිටරය භාරදුන් හෙතෙම,

 "උඹට මම කොහොමද සිගරට් බොන්න එපා කියන්නේ.

මමත් සිගරට් බොනකොට මට ඕක නතර කරන්න අමාරුයි. මගේ නෝනාගෙන් මම කොච්චර බැනුම් අහනවද, සිගරට් බොනවා කියලා. මම සිගරට් එක බොන්නේ නෝනටයි ළමයින්ටයි හොරෙන්ගේ පිළිකන්නට ගිහිල්ලා, පිළිකා රෝහලට ගියාම තමයි තේරෙන්නේ සිගරට් වලින් වෙන වින්නැහිය '' යනුවෙන් පැවසු පොලිස් නිලධාරියා  පාරේ ඉඳන් සිගරට් බොන්න එපා කීදෙනෙක් පාරේ යනවාද අපි  එයාලවත් ලෙඩ කරනවා අර වත්ත ඇතුළට ගිහිල්ලා බිලා වරෙන්" යැයි පැවසීය. "හරි සර් යැයි පැවසු කොස් වෙළෙන්දා පාර අසල වත්තට ඇතුළු විය.

ක්‍රිස්ටෝපර් සීපියන්