සුවිසල් නිවසක් තුළ කසිප්පු පෙරමින් සිටි හිටපු බන්ධනාගාර නියාමකවරයකු ගෝඩා මිලිලීටර් ලක්ෂ 13 පමණ අඩංගු බැරල් නවයක් සහ ගෑස් සිලින්ඩර් 9ක් ඇතුළු පෙරණ උපකරණ රැසක් සමග ඊයේ (7) සවස අත්අඩංගුට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා බුලත්සිංහල කඳන්වාඩිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක් පමණ වන විවාහක පුද්ගලයකු වන අතර ඔහු බන්ධනාගාර නියාමකවරයකු වශයෙන් සේවය කර එහිදී ඇතිවූ සිද්ධියක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයකු බවද පොලිසිය පවසයි.
ඔහු මාස කීපයකට පෙර හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් බුලත්සිංහල පොලිසිය අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට නැවත පැමිණ සිටි පුද්ගලයකු බවත් බුලත්සිංහල නගරයේ ස්ථාන කීපයකටම මහා පරිමාණයෙන් කසිප්පු බෙදා හරින පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පෙරණ උපකරණ අතර ගෝඩා බැරල් නවයක්, ගෑස් සිලින්ඩර් 9ක් ගෑස් ලිපක් ඇතුළු උපකරණ රැසක් තිබෙන බව පොලිසිය පවසයි.
ලක්මි කුඩලිගම
0 Comments