puttalam-hotel-incident

 පුත්තලම නගරයේ හෝටලයක මුව මස් ඇති බවට වනජීවී නිලධාරීන් පිරිසකට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය වටලමින් සිටිය දී කඩා වැදුණ පුත්තලම නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයා තම රාජකාරියට බාධා කළ බවට වනජීවී නිලධාරීන් පුත්තලම මහේස්ත්‍රාන් අධිකරණයට පෙරේදා (21) බී වාර්තාවකින් කරුණු දක්වා ඇත.


වනජීවි නිලධාරින් අධිකරණයට කී වාර්තාවක් මගින් කරුණු දක්වා ඇත්තේ පුත්තලම නගරයේ හෝටලයක මුව මස් ඇති බවට ලද තොරතුරක් මත එම හෝටලය වටලා එහි ශීත කරණවල තිබූ මුව මිස් සොයා ගෙන තිබූ බවය.


වනජිවි නිලධාරින් පවසන්නේ මුව මස් කැබලි ශීතකරණ වල තිබි සොයා ගැනීමෙන් පසුව හෝටලයේ සේවකයකුට ඒ සම්බන්ධ වරද පනදා දී නඩු පැවරිමට කටයුතු කරමින් සිටිය දී එම ස්ථානයට කඩා වැදුණු පුත්තලම් නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයා මෙම ස්ථානය තමන්ගේ බවත් මෙහි මුව මස් නැති බවත් ඒවා හරක් මස් බවත්ය.
ඔහු තමන්ට එම ස්ථානයෙන් පිටව යන ලෙස තර්ජනය කරමින් පහත් ආකාරයෙන් බැණ වැදුණු බව ද වනජිවි නිලධාරින් අධිකරණයට කරුණු දක්වා තිබිණි.
ඒ සමගම් තම රාජකාරියට බාධා කරමින් සහ මුව මස් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එහි සිටි සේවකට වනජීවි නිලධාරින් නඩු පැවරීමට බැඳුම්කරය සකසමින් සිටිය දී උප නගරාධිපතිවරයා එම හෝටල් සේවකයාට පවසා ඇත්තේ එය ඉරා දමා විසිකර දමන ලෙස බවද වනජීවි නිලධාරීහු පවසති


ඒ සමගම හෝටල් සේවකයා උප නගරාධිපතිවරයා දුන් උපදෙස් මත අදාළ බැඳුම්කරය වනජීවී නිලධාරීන්ගෙන් එකවරම උදුරාගෙන ඉරා දැමූ බවත් ඒ සමගම උප නගරාධිපතිවරයා පොලිසියට දුරකතනයෙන් කතා කර වනජීවී යැයි කියා ගත් පිරිසක් පැමිණ මුව මස් සොයමින් කරදර කරන බවට පැමිණිලි කර තිබිණි.
වනජිවි නිලධාරින් එම හෝටලය තුළ තිබූ මුව මස් අත්අඩංගුවට ගෙන තිබු අතර සේවකයාට හා රාජකාරියට බාධා කරමින් පහත් අන්දමින් හැසිරුණැයි පුත්තලම් නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයාට නඩු පැවරීමට කටයුතු කර ඇත.

- ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ