rajagiriya-underworld-house

ඝාතන සිද්ධිවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන්ට පොලීසියෙන් බේරි, රටින් පලා යන තෙක් රාජගිරිය නාවල පාරේ සිය තෙමහල් නිවෙසේ නවාතැන් දී සඟවාගෙන සිටි බව කියන බන්ධනාගාර සැරයන්වරයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රාජකාරි කරන, 52 හැවිරිදි පුද්ගලයකු බව ද පොලීසිය පවසයි.ම

ොහු කාලයක සිට මෙම ආරක්ෂක නිවස්නය පවත්වාගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

ඉකුත් ජුලි මස 24 වැනිදා අවිස්සාවේල්ල දුනුමාල හන්දියේදී දුනුමාල සරත් නමැත්තාට සහ මැයි මස 20 වැනිදා බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඩබ්ලිව්. සංජීව (54) නමැති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සැකකරුවන්ට මෙම බන්ධනාගාර නිලධාරියා නවාතැන් දී ඇති බව ද පොලීසිය කියයි.දුනුමාල සරත් නමැති පුද්ගලයා වෙඩි තබා, ඝාතනය කිරීමේ සිද්ධියට ‘චතුවා’ නමැති සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබ ඇත.එම සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු එම අපරාධයෙන් පසුව ඉහත නිවෙසේ සැඟවී සිටි බවත්, එම නිවෙසේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ ඝාතන සිද්ධියේ සැකකරුවන් වන චුට්ටං නමැත්තා හා තවත් කිහිප දෙනකු සිටින බවත්,

පොලීසියට ප්‍රකාශ කර ඇත.

මෙම නිවෙසේ දෙවැනි මහලේ ඔහු සමග තවත් පිරිසක් රැඳී සිටි බවට සැකකරු පොලීසියට ප්‍රකාශ කර තිබේ.බොරැල්ල වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන චුල්ලං නමැත්තා එම අපරාධයෙන් පසුව ඉහත නිවෙසේ සැඟවී සිට ඇති අතර, ඔහු පොලීසිය මගහැර ඉන්දියාවට පලා ගොස් සිටියදී ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව ද පොලීසිය පවසයි.සැකකරු ඔවුන් සැඟවී සිටි ඉහත නිවෙස පොලිස් නිලධාරීන්ට පෙන්වා දීමෙන් පසු, විමර්ශන පවත්වා සැකකාර බන්ධනාගාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇත.ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දැනුම්දීම අනුව සැකකාර බන්ධනාගාර සැරයන්, සැකකරුවන්ට නවාතැන් පහසුකම් දී ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත්, එම තොරතුරු තහවුරු කරගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය කියයි.

ඉන්දිකා රාමනායක