ranil-germany-speech

ජර්මනියේ සංචාරයකට ගිය ජනපති රනිල් ගෝලීය ප්‍රශ්න පිළිබඳව තම විචක්ෂණ දැනුම පතළ කළ බව ජනපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.
2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එසේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස , ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අවධානය යොමු කර තිබෙන අතර මෙය ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට පීඩාවක් එල්ල කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.


කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවලින් එන පීඩනයන් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය 28 දා සිදු කරමිනි.