ranil-germany

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනිය වෙත පිටත්ව ගොස් තිබෙයි.
ජනාධිපතිවරයා ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අද (27) අළුයම ජර්මනිය බලා පිටත්ව ගිය බව වාර්තා වෙයි.



ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවට සහභාගී වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබෙයි.


එම සාකච්ඡාවේ පළමු දිනයේ පැවැත්වෙන නායකයින්ගේ සංවාද සැසියේදී ජනාධිපතිවරයා අදහස් දැක්වීමට නියමිතයි.

වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වීමට නියමිතව තිබෙයි.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් චාන්සලර් Olaf Scholz ඇතුළු එරට දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇති බව සඳහන්ය.