
ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියුබාවේ හවානා නුවරදී ඊයේ (15) ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමින් පැවසූ බව ජනපති මාධ්‍යඅංශය දන්වා සිටී.





Comments
Post a Comment
Your comment will be visible after approval