ranil-new-york

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනපති බිරිය සහ නියෝජිතයන් වැසි සහිත වේලාවක නිව්යෝර්ක් හි වීදියක ගමන් කරන ඡායාරූපයක් ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක පළවී තිබේ.
ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිස ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සමුළුව හා ආශ්‍රීත දේශපාලන රැස්වීම් වලට ගිය අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇත්තේ ‘වේලාව නාස්ති කිරීමට ඇති අකමැත්ත‘ නිසා බවට එම වාර්තාවේ සඳහන් වේ.


දකුණු කොරියානු දූත මණ්ඩලය සමග ජනපති රනිල්ගේ හමුවක් සිදුව ඇතිඅතර කොරියානු දූත මණ්ඩලයේදී දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්  ඇතුලු අය සමග සාකච්ඡාවකින් පසු රනිල් ජනපතිවරයාට එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල වෙත ඊළඟට යායුතු විය. පැවති කාර්ය බහුලතාව හා පාරවල් වසා තිබීම නිසා රාජ්‍ය නායකයින් එහේ මෙහේ ගෙන යන ලිමොසින් රථය ප්‍රමාදවී තිබෙන අතර මෙම අවස්තාවේ වේලාව නාස්ති නොකර ජනපති රනිල් ඇතුලු පිරිස පෙනෙන දුරින් පිහිටි එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ල වෙත පයින් ගිය බව වාර්තා කර තිබේ.
 දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ද මෙම අවස්ථාවට එක්වූ බවත් එයින් ඔහු සමග වැඩිපුර කතාකරන්නට අවස්ථාවක් ලැබී තිබූ බවත් වාර්තා කර තිබේ.
NEW💥 ගොසිප් ලංකා නිවුස් WhatsApp නාලිකාවෙන් පුවත් බලන්න Follow කරන්න
Follow the Gossip Lanka News channel on WhatsApp:

https://bit.ly/GossipLankaNewsWhatsApp

ranil-new-york