ranil-un-meeting

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගියදා නිව්යෝර්ක් නුවරදී සිදු විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා විසින් පිරිනැමූ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී මෙම හමුව සිදු විය.
ජනාධිපති රනිල්  සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (António Guterres) අතර නිල හමුවක්ද ඊයේ  (21) එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී සිදු විය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78  වැනි සැසිවාරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාවේදී
වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අවධාරණය කළේය.
මෙම ඉලක්කය කරා ළඟා වීමට, ශ්‍රී ලාංකීය ජනතාවගේ සේම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද විශ්වාසය සහ සහාය තමාට හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.