relation-abuse-prisoned

ඥති සහෝදරියගේ බාල වයස්කාර දියණිය අපයෝජනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

වසර 24කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව වින්දිත දැරියට රුපියල් ලක්‍ෂ 2 1/2ක වන්දි මුදලක් ගෙවීමටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා, රුපියල් 25,000ක දඩයකටද ඔහු යටත් කළේය.



2009 අගෝස්තු 01 වැනිදාත්  31වැනිදාත් අතර කාලය තුළ කාලය තුළ සිය ඥති සහෝදරියගේ වයස අවුරුදු 16ට අඩු දියණිය අපයෝජනයට ලක් කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා, අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළේය.  



විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ අසිත විපුලනායක මහතා කරුණු ඉදිරිපත් කරමින් කිසිදු පෙර වැරැද්දක් නැති නිකැළැල් චරිතයක් ඇති තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
 
බුද්ධිමාල් රුබේරු