rubiales-resigns-spain-sexism-kiss

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා වූ සේවයෙන් පහ කරන ලද  ලුයිස් රුබියල්ස් ඉරිදා දිනයේ දී ස්පාඤ්ඤයේ පළමු කාන්තා ලෝක කුසලාන ශූරතා තරගාවලියේ දී ක්‍රීඩිකාවකගේ තොල් සිපගැනීමෙන් සති තුනකට පසු ඉල්ලා අස්විය.

අගෝස්තු 20 වැනිදා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී , ස්පාඤ්ඤය විසින් එංගලන්තය පරදවා ශූරතාව දිනා ගන්නා ලදී. ගෝලීය වශයෙන් විකාශය වූ එම සම්මාන උළෙලේදී ජෙනී හර්මෝසෝව සිපගැනීමෙන් පසුව රුබියාල්ස්  ක්‍රීඩා ලෝකයෙන් ඔබ්බට ගිය මතභේදයක මාතෘකාවක් විය. ක්‍රීඩිකාව පැවසුවේ එම සිප ගැනීම ඇයගේ අනුමැතියකින් තොරව සිදු වූවක් බවයි.

“FIFA විසින් සිදු කරන ලද අත්හිටුවීම නිසා සහ මට එරෙහිව ගොඩනැගුණු සිද්දි වලින් පසුව, මට නැවත තනතුරට යා නොහැකි බව පැහැදිලියි,” යැයි Rubiales ඉරිදා X  (ට්විටර්) හි ප්‍රකාශ කළේය.

අවසන් මහා තරගයේදී ඔහුගේ හැසිරීම හේතුවෙන් ඒ වන විටත් FIFA විසින් ඔහු රැකියාවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, පාපන්දු ලෝක ආයතනය විනය පරීක්ෂණයක් පැවරීමෙන් පසුව, ඔහුට බොහෝ විවේචන එල්ල විය.

ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩාවේ බලවත්ම පුද්ගලයා වූ රුබියල්ස් කියා සිටියේ සිප ගැනීමට සම්මුතියක් ඇති බවත් එය "ප්‍රීතිමත් මොහොතක" සිදු කළ දෙයක් බවත්ය. ඔහු පැවසුවේ "එය හරියට මම මගේ දුවෙක්ට කරන සිප ගැනීමක් ලෙස සිතා සිදු කල දෙයක් බවයි."

හර්මෝසෝ සහ ඇයගේ ක්‍රීඩක සංගමය විසින් ඒම  නිකුත් කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය. රුබියල්ස්ට සහයෝගය දක්වන ලෙස තමාට සහ තම පවුලේ අයට සම්මේලනයෙන් බලපෑම් කළ බව ද ක්‍රීඩිකාව පැවසීය. රසිකයින්, ක්‍රීඩකයින් සහ දේශපාලනඥයන් රුබියල්ස් සමඟ එකඟ නොවූ අතර , ඔවුන් පැවසුවේ එය ලිංගික ක්‍රියාවක් සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීමක් වන බවය.



2030 පිරිමි ලෝක කුසලානය සදහා පෘතුගාලය, මොරොක්කෝව සහ  යුක්රේනය සමඟ සත්කාරකත්වය දැක්වීමට ස්පාඤ්ඤයේ ඒකාබද්ධ උත්සාහයට හානි විය හැකි බැවින්  ඔහු UEFA උප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ බව Rubiales පැවසීය.

අගෝස්තු 26 වැනි දින තමාගේ වැඩ තහනම් කිරීමට පෙර , ඔහු වෙනුවට පත් වූ ස්පාඤ්ඤ ෆෙඩරේෂන් අන්තර්වාර සභාපති පේද්‍රෝ රොචාට ඉරිදා රාත්‍රියේ දී  තම ඉල්ලා අස්වීම ගැන ප්‍රකාශ කළ බව රුබියල්ස් පැවසීය. ස්පාඤ්ඤ සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ  Rubiales ගේ ඉල්ලා අස්වීම තහවුරු කර ඇති අතර,  ප්‍රඥප්ති අනුගමනය කරමින් නව ප්‍රධානියෙකු සඳහා මැතිවරණයක් කැඳවන බවයි.

ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩාවේ ප්‍රමුඛතම ගෝලීය ඉසව්වකදී Rubiales ගේ හැසිරීම ස්පාඤ්ඤ දේශපාලඥයින්ගේ,  ක්‍රීඩකයින්ගේ සහ රසිකයින්ගේ පිළිකුලට හේතු විය .

 රුබියාල්ස් හර්මෝසෝව සිප ගත්තේ ඇයගේම කැමැත්තෙන් යැයි සිදු කල ප්‍රකාශය , අසත්‍යයක් බවට හර්මෝසෝ විසින් චෝදනා කිරීමෙන් පසුව, ස්පාඤ්ඤයේ කාන්තා ලෝක ශූරියන් බොහෝ පිරිසක් සම්මේලනයේ නායකත්වයේ වෙනස්කම් ඇති වන තෙක් තම රට වෙනුවෙන් නැවත ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළහ.

33 හැවිරිදි හර්මෝසෝ දැන් යුරෝපයේ දිගු වෘත්තීය ජීවිතයෙන් පසු මෙක්සිකානු කණ්ඩායමක් වන පචුකා වෙනුවෙන් ක්‍රීඩා කරයි. ඇය 2021 කාන්තා ශූර ලීගලය දිනා ගැනීමට බාර්සිලෝනාට උදව් කලාය.

Rubiales UEFA හි උප සභාපති ධූරයෙන් ද ඉල්ලා අස්වනු ඇත.   2019 දී පත් කරන ලද රැකියාව සඳහා ඔහුට යුරෝපීය පාපන්දු ආයතනය විසින් වාර්ෂිකව යුරෝ 250,000 ($ 268,000) ක මුදලක් ගෙවන ලදී .  UEFA හි විධායක කමිටුවට යුරෝපීය පාපන්දු සම්මේලන විසින් තේරී පත් වූ ප්‍රථමයා ඔහු විය. දින 18 කට පෙර FIFA විනය නඩුවක් විවෘත කිරීමෙන් පසුව පවා UEFA,  Rubiales ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.