sajini-arrested-online

සජීවී ලෙස ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙමින් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර මුදල් ඉපයූවා යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණියක අද (27) දක්වා රක්ෂිත ඛන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (26) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අරුක්ගොඩ, අලුබෝමුල්ල පදිංචි මාරසිංහලාගේ සජිනි ඉමල්කා මධුවන්ති නමැති විසිඅට හැවිරිදි තරුණියකි.

පොලිස්පති නියමයෙන් මෙම සිද්ධියට අදාළව විමර්ශන ආරම්භ කරමින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.

මෙම සැකකාරිය වට්ස්ඇප් ඔස්සේ දැන්වීමක් මගින් පණිවිඩ හුවමාරු කර, වරකට රුපියල් විසිදහසක්, තිස්දහසක් වැනි මුදලකට වේලාවක් වෙන්කර දී සජීවීව ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වී ඇති බවත් පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. අන්තර්ජාලය මගින් ගනුදෙනුකරුවන්ට මුදල් බැංකුගත කරන ලෙසට පවසන සැකකාරිය,

මුදල් ලැබුණු බවට තහවුරු කරගැනීමෙන් පසු සිය නිරුවත සහ විවිධ ලිංගික ක්‍රියාකාරකම් සජීවීව වීඩියෝ මාර්ගයෙන් පෙන්වා ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

මෙම සැකකාරිය වයස අවුරුදු එකහමාරක පමණ කුඩා දැරියකගේ මවක වන අතර සැකකාරිය මේ සියලු වැරදි සිදුකරන්නේ සිය ස්වාමියාගේ අනුදැනුම මත බවට මේ වනවිට කරුණු අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය. මෙම වරද ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ මෙන්ම පරිගණක පනත ප්‍රකාරව වැරැදි බැවින් සැකකාරිය රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙසට එම දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය අද (27) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
නිමන්ති රණසිංහ