seeduwa-dandugamoya-dead-body

ඊයේ(15) සවස සීදූව දඬුගංඔයේ ඉවුරට ගොඩගසා තිබූ නිල් පැහැති ගමන් මල්ලක තිබී නාඳුනන මළ සිරුරක් හමුවූ බව පොලිසිය පවසයි.නාඳුනන මළ සිරුරක් ගොඩගසා ඇති බවට සීදූව පොලිසියට 119 පණිවිඩය ඔස්සේ ලැබුණ තොරතුරකින් වැඩිදුර සොයා බලා තිබුණි.
මෙම මළ සිරුර සංචාරක බෑගයට දමා දඬුගම ඔයට කිසිවකු විසින් දමා යන්නට ඇතැයි සැක කරන බවත් සිරුර හඳුනාගැනීමට මහජන සහය අවශ්‍ය බවත් පොලිසිය පවසයි.


පිරිමි පුද්ගලයෙකුගේ බවට සැකකරන මෙම මළ සිරුර  වයස අවුරුදු 35 ත් 40 ත් අතර පමණ කෙනෙකුගේ විය හැකි බවට අනුමාන කරන බවත්  උස අඩි 05 අඟල් 08 ක් වන සාමාන්‍ය සිරුරක් සහිත හිසකෙස් අඟල් 02 ක් පමණ දිග අයෙකු බවත් පොලිසිය පවසයි.
රතු පැහැති ටීෂර්ටයක් සහ දුඹුරු පැහැති දිග කලිසමක් හැඳ සිටි මියගිය අයගේ ගෙලෙහි දකුණු පස තරු සලකුණු 07 ක් සහිත පච්චයක් කොටා ඇති බවත් හිස දෙපස හා නිකටෙහි තුවාල සලකුණු දක්නට ඇති බවත් පොලිසිය විස්තර කර තිබේ.


මෙම මෘත ශරීරය නිල් පැහැති ගමන් බෑගයක් තුල තිබී හමු වී ඇති අතර, දින කිහිපයකට පෙර මිය ගිය පුද්ගලයෙකු බවට දැනට සිදුකරන ලද පොලිස් විමර්ශනයේදී අනුමාන කර ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙයි.