sinopec-sri-lanka

පසුගිය සතියේ මත්තේගොඩ ප්‍රදේශයේ සිය පළමු ඉන්ධන පිරවුම්හල ආරම්භ කළ Sinopec ඉන්ධන සමාගම සැප්තැම්බර් මස අවසන් වන විට දීප ව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.





සිල්ලර මෙහෙයුම්වල ප්‍රගතිය, අලෙවි නියෝජිතයන් සමඟ ගිවිසුම් අත්සන් කිරීම, සන්නාමගත කිරීම සහ දීපව්‍යාප්ත මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී සිනොපෙක් ඉන්ධන සහ පිරිපහදු මෙහෙයුම් නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව ඔහු පැවසීය.

හම්බන්තොට නව පිරිපහදුවක් පිහිටුවීම සඳහා Sinopec පිරිපහදු නිලධාරීන් ද තම කැපවීම සහතික කළ බවත්, ඔවුන් විසින් යෝජනාවක් සඳහා වන ඉල්ලීම (RFP) ලබන සතියේ නියමිත දිනට පෙර ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා ට්වීට් කළේය.