sltb-ambalantota-issue

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ දී ලංගම බස්රථයකට ගොඩ වී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකු කොග්ගල්ල ප්‍රදේශයේ කැලයක සැඟවී සිටිය දී පෙරේදා (09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවසීය.වෙඩි තැබීමට යොදාගත් බෝර 12 වර්ගයේ ගිනි අවිය සහ ඔවුන් පැමිණි යතුරුපැදිය ද අත්අඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශනඒකකයේ නිලධාරීන් විසින් කරන ලද විශේෂ මෙහෙයුමක දී මෙම සැකකරුවන් දෙදෙනා සමග යතුරු පැදිය හා ගිනි අවිය ද අත්අඩංගුවට ගෙන ඇත.

අම්බලන්තොට සිට කොග්ගල්ල බලා ඉකුත් 7 වැනිදා ධාවනය වූ අම්බලන්තොට ඩීපෝවට අයත් බස් රථයකට මදයමලලන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මග හරස් කර බස් රථයට ගොඩ වී කාන්තාවකට වෙඩිතබා පලා ගොස් ඇත.තුවාල ලැබූ කාන්තාව බැරගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහලටත් ඉන් පසුව කරාපිටිය මහ රෝහලට මාරුකර යවා දැනට ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ මාතර හම්බන්තොට විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කොග්ගල් ප්‍රදේශයේකැලක සැඟවී සිටි මෙම සැකකරුවන් දෙදෙනා පෙරේදා රාත්‍රී අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා කීය.ම

ෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එස්.එම්. සුපුන් ශ්‍රී මදුසංක නොහොත් කඩවර ඉෂාර නමැති (31) උතුරු කඩවර කොග්ගල්ල පදිංචිකරුවකු සහ රාජපක්‍ෂ පතිරණ දිල්ෂාන් (21) නමැති පහලගම කොග්ගල්ල පදිංචිකරුවකු බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ගිනි අවිය ද යතුරු පැදිය ද අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යන බව නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවසීය.

සනත් ගමගේ