sri-lanka-india-final

6.10pm
ශ්‍රී ලංකාව ලබාදුන් පහසු ඉලක්කය ඕවර 6 පන්දු 1 කදී ඉන්දියාව පසුකර ගියේ කිසිවෙකු නොදැවීය. ඒ අනුව ලකුණු 51 ක් ලබා ඉතාපහසුවෙන් ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දියාව සමත් විය.


කෙටිම කාලයකින් අවසන්වූ ආසියානු කුසලාන අවසන් තරගය ලෙසද මෙය වාර්තාපොතට එකතුවේ.
ශ්‍රී  ලංකා පිල සියලු අංගයන්ගෙන් දුර්වල බව පසක්කළ තරගයකි.
ලකුනු සටහන පහතින්


 ------------------පැරණි යාවත්කාල කිරීම්--------------

5.10PM
ආසියානු කුසලාන අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකාව ඕවර 15.3  ක් පමණක් ක්‍රීඩා කළ අතර සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 50 ක් පමණි.මොහොමඩ් සිරාජ් හමුවේ කඩුළු 6 ක් බිඳ වැටිණි.ඉලක්කම් දෙකක ලකුණු ගත්තේ කුසල් මෙන්ඩිස් (17) හා දුෂාන් හේමන්ත (13) පමණි.මෙය අවසාන තර/යක දුර්වලම ක්‍රීඩා විලාශය පෙන්නුම් කළ අතර ශ්‍රී ලංකා ප්‍රෙක්ෂකයෝ කලකිරීමට පත් කරවන ලදි

3.25pm
තරග ආරම්භය 3.40 ට සිදුකරන්නට විනිසුරන් තීරණය කර තිබේ.
3.10pm
ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් අවසන් මහ තරගය අද (17) ආර් ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන අතර කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. කාලගුණ තත්වයේ යම් වෙනසක් වුවොත් වැඩි වාසි ගැනීමට මෙම තීරණය ලබාගෙන ඇති බව පැවසේ.

පිටිය ආවරණය කරන කණ්ඩායම් සවස 3 වනවිට ආවරණ ඇති කිරීමට කටයුතු කර තිබුනි. අඩු ආලෝකය නිසා තරගය තරමක් පමා වන ලකුණු පහළවී තිබේ. පිටිය පරීක්ෂාව 3.30 ට යොදා ඇති අතර ඉන් පසු තරගය ආරම්භ වනු ඇතැයි අනුමාන කෙරේ.
කාසියේ වාසිය උරගෑමෙන් පසු ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක මෙසේ කීය.
 : අපි මුලින්ම පන්දුවට පහර දෙනවා. හොඳ කඩුල්ලක් වගේ පේනවා, හවස් වරුවේ යම් හැරීමක් එයි. පහුගිය අවුරුද්දේ අපිට මේ සෙනග එකතු කරගන්න බැරි වුණා. ඒත් මේ වතාවේ අපි ගොඩක් වාසනාවන්තයි. වෙල්ලාලගේ, පතිරණ, සමරවික්‍රම කියන තරුණයන් ගැන මම ගොඩක් සතුටු වෙනවා. අපි අද හොඳ කණ්ඩායමක් එහි ප්රතිඵල තිබේවි, මෙය ලෝක කුසලානයට හොඳ ශක්තියක්. අපිට එක වෙනසක් - තීක්ෂණ එලියට ගියා, දුෂාන් හේමන්ත ඇතුලට ගත්තා.



ශ්‍රී ලංකා පිල
 පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික් රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), දුනිත් වෙල්ලාලගේ, දුෂාන් හේමන්ත, ප් රමෝද් මධුෂාන්, මතීෂ පතිරණ

ඉන්දීය පිලේ නායක රෝහිත් ෂර්මා මෙසේ කීය.
 පළමුව පන්දුවට පහර දෙන්න තිබුණා, වියළි තණතීරුවක් වගේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු පුවරුවේ තබන ඕනෑම ගාණක් හඹා යාමට අපට විශ්වාසයි. පන්දුව සමඟ ආක්රමණශීලී වීමට සහ මතුපිටට ලබා දිය යුතු දේ බැලීමට මෙය හොඳ අවස්ථාවක්. මේ මතුපිට ලකුණු 240 ක් තිබෙනවා.. ඕනෑම දෙයක් හොඳයි. අද අපේ රාජකාරිය පන්දුවෙන් හොඳින් ක් රීඩා කිරීම, ඊට පස්සේ පිත්තෙන් කරන්න පුළුවන් දේ බලන්න. ප් රේක්ෂකයෝ කණ්ඩායම් දෙකටම හොඳ සහයෝගයක් දුන්නත් සමහර විට ශ් රී ලංකාවට ටිකක් බර වැඩියි. බලාපොරොත්තු වෙනවා ඔවුන්ට හොඳ අවසන් මහා තරගයක් දකින්න ලැබෙයි කියලා. අක්ෂාර් ආබාධයකට ලක්වෙලා ඉන්න නිසා වොෂින්ටන් සුන්දර් අද එනවා.

ඉන්දීය පිල
 ශුබ්මන් ගිල්, විරාට් කෝලි, කේ.එල් රාහුල්(නායක), ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ් යා, රවීන්ද්‍ර ජඩේජා, වොෂින්ටන් සුන්දර්, ජස්ප් රිට් බුම්රා, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්




රාහුල් ඩ් රාවිඩ්  ඉන්දීය ප් රධාන පුහුණුකරු මෙසේ කීය.

කාලගුණය ගැන අපි ටිකක් කනස්සල්ලට පත් වුණා, නමුත් තරඟාවලිය පුරාම අපිට හොඳ ක් රිකට් ක් රීඩාවක් ලැබුණා. බලාපොරොත්තු වෙනවා, අපිට අද සීමාව ඉක්මවා යන්න පුළුවන් වෙයි කියලා. සමහර විට, හොඳම දේ නොවනු ඇත, නමුත් ජයග්රහණයක් ගැනීමට අපිට හැකියි. ශ් රී ලංකාවට එරෙහිව මීට පෙර පැවති තරගයේදී පන්දු රැකීම සහ පන්දු රැකීම සැබවින්ම සිත් ඇදගන්නා මට්ටම තිබුණා. අපි හොඳ, බුද්ධිමත් ක් රිකට් ක් රීඩා කළ යුතුයි. ඔවුන් හොඳ කණ්ඩායමක් දේශීය තත්වයන් යටතේ ක් රීඩා කරනවා, අපි අපේ දක්ෂතා ක් රියාත්මක කරලා ජයග් රහණයක් අත්පත් කර ගත යුතුයි.