රංගන ශිල්පිණී තරින්දි ප්රනාන්දු පිරිමි අතරින් මේ තාක් හොඳ මනුස්සයෙක් විදිහට ඇය දැක්කෙ තමාගේ තාත්තාව විතරක් බව පවසා තිබේ.ඇයගේ අම්මා ඇය පුංචි කාලෙදිම නැතිවුණ නිසා තාත්තා තනියම ඇයව හදාවඩලා මේ තත්ත්වෙට ගෙනා බවත් තාත්තාගෙ තියෙන පරාර්ථකාමී ආදරයට වඩා වෙන කිසිම ආදරයක් වටිනවා කියලා ඇය හිතන්නෙ නැති බවත් පවසා තිබේ.
මම එකපාරම මේන් රෝල් කරලා ආපු කෙනෙක් නෙමෙයි. කාලයක් තිබුණා මම මගේ තාත්තා, අක්කා ටීවී එක ඉස්සරහට වෙලා මම යන සීන් එකක් බල බලා ඉන්න අවස්ථා බොහොමයක් තිබුණා. සමහර දවස්වල මම ඇත්තටම නැහැ. ඒ පුංචි පුංචි චරිත කරන කාලේ.
අවුරුදු පහකට කලින් මාව හොය හොයා චැනල් මාරු කරපු මගේ තාත්තාට ඒත් මාව දකින්න හම්බ වුණේ නැති වුණා. මාව එකම වෙලාවේ චැනල් දෙකක බලාගන්න බැරිව එයා දුක්වෙනවා. රැල්ල වෙරළට බලද්දී එයාට සික්ස් පැක් එක මිස් වෙනවා.
ඇය පසුව පවසා තිබුණි.
තරින්දි පසුගිය පියවරුන්ගේ දිනයේදී සිය පියා වෙනුවෙන් තැබූ ආදරණීය සටහන කථාබහට ලක්ව තිබේ.
“තාත්තේ ඔයගෙ දහඩිය සුවඳ තවම මතකයි මට..
හැන්දෑවට කලුවරත් එක්ක ගෙට ගොඩවුන
උදේ යද්දි තිබුන හිනාවත් ඒ විදියටම
මොකුත් නොවිච්චි ගානට මදහසක් පෑව
සාක්කුවට එබිච්ච මම ටොපියක්වත් තියන බව දැන
පුදුමයි........
වෙනදටත් වඩා දැනෙද්දි ඔබ , චූටි කාලෙ නොතේරුනාට ;;
ඒ දාඩිය සුවඳට පෙම් බඳින තරම අද මම. ❤️“
0 Comments