ප්‍රසිද්ධ දුරකතන සමාගමක සාමාන්‍යාධිකාරී වරයකුට අයත් නිවසකින් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගත් දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් දහයයි මිලිග්‍රෑම් තුන්සිය පනහක් සමග අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි. ඒ සමග සොරාගත් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ තොගය රුපියල් 45,000 විකුණා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. එම දුරකතන සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට අයත් කිරුළපන නන්දිමිත්ර පාරේ පිහිටි දෙමහල් නිවසේ පහළ මාලයේ ජනේලයක් කඩා ඇතුළු වී සාමාන්‍යාධිකාරීවරයාගේ කාමරයේ තිබූ රුපියල් ලක්ෂ 5 1/2 වටිනා ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක්,
රුපියල් ලක්ෂ 5 පමණ වටිනා කැමරාවක් හා එහි අමතර කොටස් කිහිපයක් ඉකුත් 01 දා මෙසේ සොරාගෙන ගොස් තිබුණි.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව කිරුළපන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර එදිරිවීර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් ස්ථානයට ගොස් ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී එහි සොරකම කරන පුද්ගලයා පිටකොටුව පදික වේදිකාවේ අඹ පේර අලෙවිකරන්නකු බවට තොරතුරු අනාවරණය වී තිබුණි.
ඒ අනුව පිටකොටුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 350 සමග සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරාගත් භාණ්ඩ මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු හරහා ලැප්ටොප් පරිගණකය අළුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් 30,000, කැමරාව සහඑහි උපකරණ කොල්ලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් 15,000 අලෙවි කළ බවට පාපොච්චාරණයක් කර තිබුණි.
පසුව මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ දහය හමාරක් වටිනා භාණ්ඩ තොගය රුපියල් 45,000 අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය කියයි . අත්අඩංගුවට ගත්කූඹි කැලේ “අඹ පේර" නමැත්තා පිටකොටුව සහ කොහුවල පොලිස් වසම්වල නිවෙස් බිඳ දේපළ සොරාගැනීමේ සිද්ධීන් රැසකට වරදකරු වී දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස නම් කළ අයකු බවත් සොරකමක් සම්බන්ධයෙන් වසරක් බන්ධනාගාරගතව සිට මීට මාසයකට පෙර පැමිණි අයකු බවට තොරතුරු තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා අළුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
0 Comments