දිවයිනේ ප්‍රදේශ රැසක කුලී ත්‍රිරෝද රථ රියදුරන් මත්කර රුපියල් කෝටියකට අධික රන් භාණ්ඩ ඇතුළු වටිනා දේපළ කොල්ලකෑ සංවිධානාත්මක කල්ලියකට අයත් තිදෙනකු ආමර් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.සැකකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ වැලිමඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනකු සහ ඔවුන්ගේ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නැතැයිද පොලීසිය කියයි. සැකකරුවන් පෑලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ රියදුරකු මත්කර කොල්ලකන ලද රුපියල් ලක්ෂ 11කට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගයක් පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ත්‍රීරෝද රථ රියදුරකු වන තම පියා සිහි විසඥව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් අසල බිම වැටී සිටියදී මිතුරකු විසින් නිවසට රැගෙන ඒමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව පවසමින් රියදුරු ගේ පුතු ඉකුත් මස 27 වෙනි දින ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණිලි කර ඇත.අනතුරුව මෙම මස දෙවැනි දින පොලිසිය වෙත පැමිණ තිබූ ත්‍රිරෝද රථ රියදුරු ප්‍රකාශයක් ලබාදෙමින් කැලණියේ සිට බ්ලූමැන්ඩල් වෙත ත්‍රිරෝද රථය ධාවනය කිරීමේ දී වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනකු තම ත්‍රිරෝද රථය මග හරස් කර නවතා වත්තල ඇලකන්ද ප්‍රදේශයට කුලී ගමනක් යාමට කතා කර ත්‍රිරෝද රථයට ගොඩ වූ බවත්,
මද වේලාවකදී මදක් ඈතින් වූ ක්ෂණික ආහාර අලෙවි ආයතනයක් ඉදිරිපිට දී තවත් පුද්ගලයකු ත්‍රිරෝද රථයට ගොඩ වූ බවත් පවසා ඇත.
ඇළකන්ද ප්‍රදේශයට ගිය ඔවුන් කොළ කැඳ මිලදීගෙන තමන්ට ද කොළ කැඳ වීදුරුවක් පානය කිරීමට ලබාදුන් බවත්, එහිදී තමන්ට ක්ලාන්ත ගතියක් දැනුණ හෙයින් ත්‍රිරෝද රථයේ සිටි තිදෙනාගෙන් රියදුරු බලපත්‍ර තියෙන්නේ කාටදැයි අසා එය පදවාගෙන යන ලෙස කියා රෝද රථය ලබාදී පිටුපසට ගිය බවත් රියදුරු ප්‍රකාශ ලබාදුන් බවත් පොලිසිය කියයි.ඉන්පසු සිදුවූයේ කුමක් දැයි තමන් නොදන්නා බවත්, තමන් කර පැලඳි රන් මාල, අත්පලඳනාව, මුදු කිසිවක් නොමැති බව රෝහලේ දී තමන්ට සිහිය ලැබුණු පසු දැනගන්නට ලැබුණු බවත් රියදුරා වැඩිදුරටත් පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී තිබිණි.
ලද පැමිණිල්ල සීසීටීවී දර්ශන පරික්ෂා කොට සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මීට වසර දෙකකට ඉහත දී පමණ සිට සංවිධානාත්මක කල්ලිය විසින් රුවන්වැල්ල,
බියගම, බණ්ඩාරවෙල, මහරගම, වේල්ලවීදිය, වේයන්ගොඩ, බොරලැස්ගමුව, ග්‍රෑන්ඩ්පාස්, වැලිමඩ, බියගම ආදී ප්‍රදේශවල කුලී ත්‍රිරෝද රථ රියදුරන්ට මත් මිශ්‍ර පැණි බීම සහ කොළ කැඳ ලබා දී ඔවුන් සතුව තිබෙන රන් භාණ්ඩ, මුදල්, ජංගම දුරකථන ඇතුළු වටිනා දෑ කොල්ල කෑ බව අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.සැකකරුවන් මත්ද්‍රව්‍ය පානයට සහ සූදුවට ඇබ්බැහි වූවන් බවත් වැඩිදුර විමර්ශනවල දී අනාවරණය වී ඇත.සැකකරුවන් නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. එච්. හැරිසන් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
0 Comments