සිය වෘත්තීය ක්රියාමාර්ගය අත්හිට වූ බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරින් සංගමය ප්රකාශ කර තිබේ.
එම සංගමය සඳහන් කරන්නේ, බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය එළැඹි බවයි.
ඔවුන් පවසන්නේ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවත්
සාකච්ඡාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බවත්ය.
මේ මොහොතේ සිට වර්ජනය අවසන් වනු ඇති අතර දුම්රිය ධාවනය හෙට දහවල් වනවිට යථාවත් වනු ඇති බව ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් පවසයි.
0 Comments