ඊයේ සිට අරඹන ලද දුම්රිය සේවකයින්ගේ වර්ජනය කිසිදු වෙනසක් නැතින අද (13) දිනයේද ක්‍රියාත්මක වන බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසයි.
දුම්රිය රියදුරන් 84 දෙනෙකු විසින් මෙම වර්ජනය පසුගිය සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර තිබු අතර මේ හේතුවෙන් සිදුවූ මගී අපහසුතා හා අනපේක්ෂිත මරණ හුවා දක්වමින් ඇමති බන්දුල කියා සිටියේ සම්පූර්ණ වරද වෘත්තීය සමිති භාරගත යුතු බවයි.
එසේම වර්ජනය නිහඩ කිරීමට ජනපති ලවා ගැසට්ටුවක් නිකුත් කර දුම්රිය අත්‍යවශ්‍ය සේවාවවක් කරන්නටද ඇමතිවරයා කටයුතු කළේය.
ගැසට් නිවේදනය ඊයේ ජනපති අත්සනින් රාත්‍රී නිකුත්වූ නමුත් එය ගණනකට නොගෙන අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ. ඉඳිපොලගේ මහතා,
“දුම්රිය රියදුරන් විසින් ඊයේ දිනයේ ආරම්භ කළ වර්ජනය අද දිනයේදීත් දැනට ක්‍රියාත්මක වෙනවා.
ඒ වුණත් රියදුරන්ගෙන් කොටසක් මේ වනවිට රාජකාරියේ නිරතවන නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ අනුව අද දිනයේ දුම්රිය ගමන්වාර 50ක් පමණ ක්‍රියාත්මක කරලා තියෙනවා උදෑසන කාලයේ. ඔවුන් වර්ජනය කොපමණ දිනයක් ක්‍රියාත්මක කරනවා ද කියලා හරියට තොරතුරු ලබාදීලා නැති නිසා අපි බලාපොරොත්තු වෙනවා අද දින වර්ජනය අවසන් කරලා සේවයට වාර්තා කරයි කියලා. නිශ්චිත ප්‍රකාශයක් කරන්න අමාරුයි.”
කෙසේවෙතත්, දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් එස්. ආර්. සී. එම් සේනානායක මහතා පවසන්නේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම මඟින් තම වෘත්තීය ගැටලුවලට විසඳුම් නොලැබෙන බවයි.
ඊයේ (12) පැවැති දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් හටගත් මගී තදබදය හේතුවෙන් අනාරක්ෂිත දුම්රිය ගමනක යෙදී සිටිය දී හොරපේ දුම්රිය ස්ථානයේ දී දුම්රියෙන් ඇද වැටී මියගිය තාක්ෂණ ශිෂ්‍යයා වෙනුවෙන් ඔහුගේ පවුල වෙත රු ලක්ෂ 5ක වන්දි මුදලක් මුදලක් ප්රදානය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.
මොරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිත් ඉඳුවර පෙරේරා නමැති ජලනල කාර්මික ශිල්පී සිසුවාගේ පවුලේ අයට මෙම වන්දිය ලැබෙනු ඇත.
මෙවැනි අනතුරක් සම්බන්ධව වන්දි ගෙවීම සඳහා නීතිමය පසුබිමක් නොමැති වුවද ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමට අනුව, ජනාධිපති ලේකම්වරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුවත් කිරීම පරිදි කැබිනට් අනුමැතියට යටත්ව කරුණාසහගත ගෙවීමක් ලෙස මෙම මුදල එම තරුණයාගේ පවුලට පිරිනමන බව ද එම ඇමති කියයි.
0 Comments