vajira-thera-arrested-video

බාල වයස්කරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ ටෙලිග්‍රෑම් යෙදවුම (telegram app) මගින් විකිණීමේ ජාවාරමක නිරත වූ දහනව හැවිරිදි හිමිනමක් වීඩියෝ තුන්දහසක් සමගින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම හිමිනම වයස අවුරුදු දෙක, තුන හතර සහ පහ යන වයස් කාණ්ඩවල දේශීය සහ විදේශීය බාලවයස්කාර දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් අසභ්‍ වීඩියෝ දර්ශන රුපියල් දහසේ සිට තුන්දහස දක්වා මුදලකට අලෙවි කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

සැකකාර හිමිනම විසින් වට්ස්ඇප් ගිණුම් ඔස්සේ  දැන්වීමක් ප්‍රචාරය කර එහි ජංගම දුරකතන අංකයක් යොදා මෙම අසභ්‍ය වීඩියෝ දර්ශන අලෙවි කර තිබූ අවස්ථාවක පොලිසියට හසු විය.


ටෙලිග්‍රෑම් යෙදුම මගින් බාලවයස්කරුවන්ගේ අන්තර්ජාල වීඩියෝ විකුණන ජාවාරමක් සිදුවන බවට පරිගණක අපරාධ විමර්ශන ​කොට්ඨාසය වෙත ලද තොරතුරු මත කළ විමර්ශනයකදී ජාවාරම අනාවරණය වී ඇත.

මෙම හිමිනම රාගම විහාරස්ථානයක රැඳී සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර විහාරස්ථානයේ තිබූ හිමිනමට අයත් පරිගණක තුනකින් අන්තර්ජාලයෙන් බාගත කරගත් බාල වයස්කරුවන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන තුන්දහසක් පමණ සොයාගෙන තිබේ.

මෙම වීඩියෝ අතර දෙස්, විදෙස් තරුණ තරුණියන්ගේ අසභ්‍ය දර්ශන ඇති බවට හෙළිවී ඇත. හිමිනම විසින් අන්තර්ජාලයේ සැරිසරමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ වීඩියෝ දහයකට රුපියල් දෙදහස බැගින් අයකරමින් විකුණමිනි.



සැකකාර හිමිනම දෙවැනි සැකකරුගේ බැංකු ගිණුමට මුදල් ලැබීමට සලස්වා මුදල් ලැබීමෙන් පසු අදාළ වීඩියෝ දර්ශන මුදාහරින බවත්, සැකකාර හිමිනම මෙම දේශීය වීඩියෝ දර්ශන නිෂ්පාදනය කරනවා ද නැතහොත් මේවා ලැබුණේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

බාලවයස්කාර දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් අසභ්‍ය වීඩියෝ දර්ශන මුදලට විකිණූ බව කියන දහනව හැවිරිදි හිමිනම සහ ඊට ආධාර අනුබල දුන්නැයි කියන කුලී රථ රියැදුරකු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19) නියෝග කළේය.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන දහනව හැවිරිදි දොරමඩලාවේ වජිර නමැති හිමිනමක සහ මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන කුලී රථ රියැදුරකු වන සංජය කුමාර නමැත්තෙකි.

පරිගණක අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් ගනුදෙනුකරුවන්මෙන් ටෙලිග්‍රෑම් යෙදවුම හරහා තොරතුරු හුවමාරු කරමින් රුපියල් දෙදහසක මුදලක් සැකකාර හිමිනමගේ ගිණුමට තැන්පත්කර ඇත.



ඉන්පසු සැකකාර හිමිනම අන්තර්ජාලය ඔස්සේ විමර්ශන නිලධාරීන් වෙත බාල වයස්කරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දහයක් එවා තිබේ.

වයස අවුරුදු පහේ, හයේ වයස් කාණ්ඩවල දරුවන්ගේ දර්ශන පවා ඒ අතර තිබී ඇත.

දුරකථනජාල පරීක්ෂණයක් ඔස්සේ රාගමට ගිය විමර්ශන නිලධාරීහු සැකකරු හිමිනමක් බවට හඳුනාගත්තේ එහිදීය. ඒ අනුව හිමිනම සිටි විහාරස්ථානය පරීක්ෂාකර අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් පරිගණක තුන සිය භාරයට ගෙන ඇත.

මෙම හිමිනම අනුරාධපුරයේ උපන් හිමිනමක් බවත් වයස අවුරුදු නවයේදී මහණ වී ඇති අයකු බවත් හෙළිවී ඇත.

තමන් විනෝදාංශය සඳහා මෙම වීඩියෝ පට බෙදා හැරීම සිදු කළ බව සැකකාර හිමිනම පවසා ඇත.

මෙම හිමිනමට ලංකාවේ දරු දැරියන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන ලබා දුන් අය කවුරුන්ද හා මෙම හිමිනමගෙන් වීඩියෝ මුදල් දී ලබා ගත් පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා දීර්ඝ විමර්ශනයක් අරඹා ඇත. පරිගණක අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණියගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ තම සේවාදාකයන් කර ඇති වැරැදි සම්බන්ධයෙන් වරද පිළිගැනීමට සූදානම් බවය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු වාර්තා කර කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනි.