ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා රැගෙන එන එළවළු හා පලතුරු තොගවලින් කිලෝ පනස් දහසකට අධික ප්‍රමාණයක් මහවැලි එච් කලාපයේ පිහිටි ඔරුගොඩයාය කුණු අංගණයට බැහැර කරන බව එම ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවැසීය.ඊට හේතුව වශයෙන් ඔහු සඳහන් කළේ එළවළු හා පළතුරු මිල ගණන් අඩුවී ඇති මුත් එම මිල ගණන්වලට හෝ ගැනීමට ජනතාවට මුදල් නොමැතිවීමය.අඩුවී ඇති එළවළු පිළිබඳ මිල ගණන් සඳහන් කළ සභාපතිවරයා පැවැසුවේ වට්ටක්කා කිලෝව රුපියල් 30 ත් 40 ත් අතර ද කැකිරි කිලෝව රුපියල් 10 ත් 15 ත් අතර ද අමුමිරිස් කිලෝව රුපියල් 250 ත් 300 ත් අතර ද බණ්ඩක්කා කිලෝව රුපියල් 35 ත් 40 ත් අතර ද මෑකරල් කිලෝව රුපියල් 100 ත් 120 ත් අතර ද වශයෙන් එළවළු කුණු කොල්ලයට 5& ද අලෙවි කිරීමට සිදුවී ඇති බවය.
මේ තත්ත්වය මත තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන මහවැලි එච්. කලාපයේත් ගල්ගමුව මිහින්තලේ හා බුල්නෑව ප්‍රදේශවලත් ගොවීන්ට තමන්ගේ එළවළු සාධාරණ මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් මහත් අසරණභාවයට පත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.පසුගිය කාලයේ දිනකට කිලෝ ලක්ෂ හතරක් පමණ ලැබුණ එළවළු හා පලතුරු මේ වනවිට කිලෝ ලක්ෂ දෙකහමාරකට පමණ අඩුවී ඇතැයි සභාපතිවරයා කීය. එම ප්‍රමාණයෙනුත් කිලෝ පනස්දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කර ගත නොහැකිව ඉතිරි වන බවත් ඒවා කුකුළන්ට හා ඌරන්ට දීම සඳහා ඇතැම් පුද්ගලයින් ට්‍රැක්ටර් ලෝඩ් දෙක තුනක් බැගින් ගෙන යන බවත් සුනිල් සෙනෙවිරත්න මහතා පැවැසීය.
එසේ ගෙනයාමෙන් පසුව ද තවත් විශාල ප්‍රමාණයක් ඉතිරි වන බැවින් ඒවා ඔරුගොඩ යායේ කුණු අංගණයට බැහැර කරන බව ද ඔහු කීවේය.
දයාරත්න ඇබෝගම
0 Comments