vihangana-a3

මොළය මියගිය දැරියකගේ සිරුරේ අවයව කොටස් කිහිපයක් සාර්ථකව බද්ධ කිරීමේ පුවතක් පසුගිය මාර්තු මස මාධ්‍ය ඔස්සේ පළ විය. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ උසස්පෙළ සිසුවියක් වූ 19 හැවිරිදි විහඟනා ආරියසිංහ දැරිය එම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වනවිට ඇය උසස් පෙළ විභාගයට ලියා ප්‍රතිඵල අපේක්සාවෙන් පසු වූවාය.
ඒ විහඟනා මෙවර උසස්පෙළ විභාගය ඉහළින් ම සමත්ව ඇති අතර වාණිජ අංශයෙන් 2022 උසස්පෙළ විභාගයට මුහුණ දුන් ඇය A සාමාර්ථ ත්‍රිත්වයක් ලබාගනිමින් එම කඩඉම ඉහළින්ම ජයගෙන ඇත.
විහඟනා වීරසිංහ අඹන්පොල නගරයෙ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාලම දරුවාය.


විහඟනා උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි අයෙක් වන අතර ඇයගේ සහෝදරිය වයඹ විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටී.
අනුරාධපුරයේ ඉදිකෙරෙමින් පවතින සඳහිරු සෑයේ ඉදිකිරීම් සඳහා ගඩොල් ඇදීමේ පුණ්‍යකර්මයට දායකවී නිවසට පැමිණි විහඟනාට හදිසියේ ඇති වූ හිසේ අමාරුවක් හා වමනය හේතුවෙන් රෝගී තත්ත්වයට පත්ව කුරුණෑගල ශික්ෂණ රෝහලේදී දැඩි සත්කාර ඒකකයේ සිටිය දීම මරණින් පසුව සිරුරු කොටස් දන්දීම සඳහා ගිවිසුම්ගතව සිටි බව පැවසේ.
දැරියගේ හදවත සහ පෙනහළු එලෙස බද්ද කෙරුණි.


මේ අතර දැරියගෙන් ලබාගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබේ.
මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් 5ක් පුද්ගලයින් 7දෙනෙකුට තවත් බොහෝ කලක් නිරෝගිව ජීවත්වීමට මහෝපකාරී වී ඇත.