walana-fake-police

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ බවට ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර කතුන් මුළා කර අපයෝජනය කොට රන්ආභරණ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයකු මොරොන්තුඩුව පොලිස් භාරයට ගෙන තිබේ.

කුරුණෑගල වීරඹුගෙදර ප්‍රදේශයේ පදිංචි තැනැත්තෙකු මෙසේ පොලිස් භාරයට ගෙන ඇති බවත්, ඔහු හිටපු හමුදා සැරයන්වරයෙකු බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇති බවත් පොලීසිය කීය.



හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක විසින් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.

පැමිණිලිකාර කත අන්තර්ජාලයෙන් හඳුනාගත් රුපියල් 30,000 ක මුදලකට ඇණවුම් කොට ඉකුත් (01දා) මොරොන්ඩුවේ ලැගුම්හලකට රැගෙන ගොස් ලිංගිකව හැසිරි ජංගම දුරකථනයෙන්ද පටිගත කර ඇති බව සඳහන් වේ. පසුව තමා පානදුර පොලීසියේ ස්ථානාධිපතිවරයා බව පවසා පටිගත කළ විඩියෝ දර්ශන පෙන්වා ගෙලබැඳි පෙන්ඩනය සහිත රන්මාලය කොල්ලකෑ බවට පැමිණිල්ලේ සදහන් බවද පොලීසිය කීය.



විමර්ශන කටයුතු සඳහා අදාළ හෝටලයට යන අවස්ථාවේ සැකකරු තවත් කාන්තාවක සමග එම ලැගුම්භලේම රැඳී සිට ඇති බවද පොලීසිය කීය.

බම්බලපිටිය,ගල්කිස්ස සහ පානදුර ඇතුළු පොලිස් බලප්‍රදේශවලද සැකකරුට එරෙහිව විමර්ශන පවතින බවද සඳහන් වේ.

 පානදුර - සුමිත් පොතුපිටිය.