4-000-old-rock-france

වසර 4,000ක් තිස්සේ අධ්‍යයනය නොකළ අද්භූත සලකුණු සහිත පාෂාණ කැබැල්ලක් ,වයඹ දිග ප්‍රංශයේ පුරාණ ස්ථාන ගවේෂණය කරන පුරාවිද්‍යාඥයින්  සොයාගෙන තිබේ. එය  "නිධාන සිතියමක්" බව හඳුනාගෙන තිබේ.



මෙකී Saint-Belec පාෂාණ පතුර සොහොන් බිමක තිබී සොයා ගන්නා ලද අතර, ම

ෙය යුරෝපයේ පැරණිතම සිතියම ලෙස 2021 දී පර්යේෂකයන් විසින්  ප්‍රකාශ කර තිබුණකි. එහි සලකුණු තේරුම් ගැනීමට ඔවුන් උත්සාහ කරමින් සිටී.  

"පුරාවිද්‍යාත්මක ස්ථාන සෙවීමට සිතියම භාවිතා කිරීම ඉතා හොඳ ප්‍රවේශයක් මෙන්ම "එය නිධන් සිතියමක්," යැයි Western Brittany විශ්වවිද්‍යාලයේ  (UBO) මහාචාර්ය Yvan Pailler පැවසීය.

පෞරාණික සිතියම දළ වශයෙන් කිලෝමීටර් 30 ත් 21 ත් අතර ප්‍රදේශයක් සලකුණු කර ඇත.  Pailler ගේ සහයක පර්යේෂක වන Clement Nicolas පැවසුවේ, ඔවුන්ට මුළු භූමි ප්‍රදේශයම ගවේෂණය කර සිතියමේ සලකුණු හරස් කඩ පිරීක්සීමට අවශ්‍ය වනු ඇති බවත් ඒ කාර්යයට වසර 15ක් ගත විය හැකි බවත්ය.

නිකොලස් සහ පයිලර්, 2014 දී ගල් පතුර සොයා ගත් දෙවන කණ්ඩායමේ සාමාජිකයන් විය.  එය මුලින් 1900 දී එරට ඉතිහාසඥයෙකු විසින් සොයා ගත් අතර,  ඔහුට එහි වැදගත්කම තේරුම් ගැනීමට නොහැකි විය.



ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයට අනුව, විශාල සුසාන භූමියෙන් මෙම බරැති පාෂාණ පතුර පිටතට ගෙන යාමට කම්කරුවන් විශාල ප්‍රමාණයක්  අවශ්‍ය විය . එය 1924 සිට කෞතුකාගාර එකතුවේ තබා ඇත.

ප්‍රංශ ප්‍රාග් ඓතිහාසික සමාජයට අනුව, මුල් ලෝකඩ යුගයට අයත් මැටි බඳුන්වල කැඩුණු පිඟන් මැටි බඳුනක් ද මෙම සිතියම සමඟ හමු විය .

"එහිද තේරුමක් ඇති කැටයම් කළ සංකේත කිහිපයක් තිබුණු බව," Pailler පැවසීය.

පාෂාණයේ  රළු ගැටිති සහ රේඛා තුළ, පැරිසියේ සිට කිලෝමීටර් 500 ක් පමණ බටහිරින් පිහිටි බ්‍රිටනි ප්‍රදේශයේ කොටසක් වන Roudouallec හි ගංගා සහ කඳු ද තිබෙනු දැකගත හැකි විය. පර්යේෂකයන් පාෂාණ සිතියම අධ්‍යනය කර වත්මන් සිතියම් සමඟ සංසන්දනය කර ඇත. ඒ තුලින් දළ වශයෙන් 80% ක පමණ ගැළපීමක් සොයා ගත්හ.



"අපි තවත් ජ්‍යාමිතික සංකේත, සහා පුරාවෘත්ත හඳුනා ගත යුතුයි," යැයි නිකොලස් පැවසීය.

පාෂාණය කුඩා කුහර වලින් පිරී ඇත. පර්යේෂකයන් විශ්වාස කරන්නේ ඒවා භූමදාන ස්ථාන, වාසස්ථාන හෝ භූ විද්‍යාත්මක තැන්පතු විය හැකි බවයි. ඒවායේ අර්ථය සොයා ගැනීම නව සොයාගැනීම් වල නවතම පෙරළිය විය හැකිය.

පුරාවිද්‍යාඥයන් පසුගිය සති කිහිපය පුරාවටම පාෂාණය අනාවරණය කරගත් ස්ථානයේ කැණීම් කර ඇති අතර, එය බ්‍රිටනි හි විශාලතම ලෝකඩ යුගයට අයත් සුසාන භූමියක් බව Pailler පැවසීය.

ඔවුන්ගේ කැණීම් තුලින්, පාෂාණ සිතියමෙන් සොයා නොගත් ඇතැම් කොටස් පිළිබද තොරතුරු දැනටමත් සොයාගෙන ඇත.

නිකොලස් පවසන්නේ, ලෝකඩ යුගයේ ජනාවාසවල බලය පෙන්වන මෙම කෑලි කැඩී ගිය පාෂාණය සොහොන් බිත්තියක් ලෙස භාවිතා කරන්නට ඇති බවයි.

සිතියමෙන් ආවරණය වී ඇති ප්‍රදේශය පුරාණ රාජධානියකට අනුරූප විය හැකිය. ඇතැම් විට එය කැරලි හේතුවෙන් බිඳ වැටුණු ප්‍රදේශයක් විය හැකිය.