50-laks-threaten

මුල්ලේරියාවේ ව්‍යාපාරිකයකුට දුරකතනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලූ බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.සැකකරු අංගොඩ දෙල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු දැනට විදේශ ගතව සිටින "පෙතියාගොඩ සංඛ" නමැති අපරාධකරුගේ ගෝලයකු බව පොලිසිය සඳහන් කරයි.



සැකකරු මෙම ව්‍යාපාරිකයාට ඉකුත් 19 වැනිදා දුරකතනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බව පොලිසිය කියයි.එම ව්‍යපාරිකයා මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට ඉකුත් 20 වැනිදා පැමිණිල්ලක් කර ඇති අතර ව්‍යාපාරිකයා පැමිණිල්ල කර පොලිසියෙන් පිටව ගිය අවස්ථාවේ කම්පම්කරු නැවත ඔහුට ඇමතුමක් දෙමින් උඹ පොලිසියට ගියා නේද බලපන් උඹට පැය භාගයකින් වෙන දේ '' යනුවෙන් තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

සැකකරුගේ එම තර්ජනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා පොලිසියට නැවත පැමිණිලි කර ඇත.සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පොලිසිය වහා ක්‍රියාත්මක වී කප්පම් ඉල්ලු දුරකතනය සම්බන්ධයෙන් විශ්ලේෂණය කර එම තොරතුරු මත ලිපිනය මත ලිපිනය  සොයා ගොස්  මුල්ලේරියාව දෙල්ගහවත්ත පාරේ පිහිටි නිවසේ දී සැකකරු පෙරේදා (24) අත්අඩංගුවට ගෙන ඇත.



පොලිසිය සැකකරු සොයා ඔහුගේ නිවසට යනවිට කප්පම් ඉල්ලීම සඳහා භාවිත කළ ජංගම දුරකතනය නිවස අසල වගුරු බිමකට විසිකර ඇති අතර සැකකරුගේ බිරිය හා පුතාගේ ප්‍රකාශ අනුව සැකකරු කප්පම් ඉල්ලීමට භාවිත කළ දුරකතන අංකය ඔහු භාවිත කළ සිම්පත බවට හෙළි වූ බවද පොලිසිය පවසයි. පෙතියාගොඩ සංඛ්‍ය නමැත්තාගේ දැනුම් දීම මත මෙම කප්ම මුදල ඉල්ලා සිටි බවට සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී ඔහු ප්‍රකාශ කළ බවද පොලිසිය කියයි.
ඉන්දිකා රාමනායක