An-EasyJet-flight-gets-canceled-after-defecating-on-the-toilet-floor

ලන්ඩනය බලා ගිය මගීන් රැගත් Tenerife දූපතේ සිට ගමන් ඇරඹූ කෙටිදුර ගුවන් යානයක වැසිකිලි කාමරයේ, යමෙකු බිම මළපහ කිරීමේ සිදුවීමක් වාර්තාවන අතර එය නිසා මුළු ගුවන් ගමනම අවලංගු කිරීමට හේතු විය.

EasyJet සංචාරකයින් පැය ගණනක් ප්‍රමාද වීමෙන් පසුව Tenerife දූපතේ සිරවී සිටින බවද වාර්තා විය.
අවලංගු කිරීමට පෙර, EZY8054 ගුවන් යානය ඉරිදා සවස ලන්ඩනයේ ගැට්වික් වෙත පිටත් වීමට නියමිතව තිබූ බව ඩේලි මේල් පවසයි.



ප්‍රමාදය සම්බන්ධ ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

" ගුවන් යානයට අමතර පිරිසිදු කිරීමක් අවශ්‍ය වීම හේතුවෙන් ගුවන් ගමන එක රැයකින් ප්‍රමාද වුණා. අපගේ ගනුදෙනුකරුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ යහපැවැත්ම EasyJet හි ඉහළම ප්‍රමුඛතාවය වන අතර මෙය අපගේ පාලනයෙන් බැහැර වූ නමුත් සිදු වූ අපහසුතාවය පිළිබඳව පාරිභෝගිකයින්ගෙන් සමාව අයැදීමට අපි කැමැත්තෙමු."  

EasyJet මගීන් සඳහා හෝටල් සොයා දීමට ඉදිරිපත් වූ නමුත්,  ගුවන් යානයේ සිටි අයට නවාතැන් ගැනීමට ප්‍රමාණවත් හෝටල් සොයා ගැනීමට නොහැකිව අපහසුතාවට ලක්වූ බවද පසු වාර්තා වල සඳහන් විය.

"@easyJet ඔබේ ගනුදෙනුකරුවන්ට අතිශයින්ම පිළිකුල් සහගත ලෙස සලකලා තියෙන්නේ. මගීන්ව  විදේශ රටක අතහැර දමලා. ගමන් වාරය අවලංගු කරේ  පාන්දර 3 ට විතර, අපට සහාය වීමට කාර්ය මණ්ඩලයක් මෙහි නැහැ.  අපට පැය 30 ක් නින්දක් නැ.  " යනුවෙන්  එක් පාරිභෝගිකයෙක් X හි ප්‍රකාශ කළේය.