5 ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙන අතර, දකුණු පළාතට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වන බාධාවන් මඟහරවා ගැනීමට සූදානම්ව සිටින බව බලධාරීහු පවසති.
නියමිත පරිදි විභාගය පැවැත්වෙන බව වලස්මුල්ල කලාප අධ්‍යාපන අධ්යක්ෂ චන්න උපාලි වීරසේකර දන්වා සිටියේය.
සිහින් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත්, ඔවුන් ඕනෑම අවස්ථාවක සූදානම්ව සිටින බව මාතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) අධ්යක්ෂ ලුතිනන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා පැවසීය.
මාතර දිස්ත්‍රික්කයෙන් සිසුන් 13,319 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින බවත්, ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමේ මධ්‍යස්ථාන 19ක් සමඟින් පාසල් 78ක විභාග මධ්‍යස්ථාන 112ක් පවතින බවත් ඔහු පැවසීය.
තිහගොඩ, මාලිම්බඩ, අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රදේශ තවමත් ජලයෙන් යටව පවතින අතර ප්‍රදේශවාසීන් ගමනාගමන දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවද ඔහු පැවසීය.
අයහපත් කාලගුණයෙන් විපතට පත් විය හැකි අය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “හැකි නම් දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් තාවකාලික නවාතැන් සොයා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා. විකල්ප නවාතැන් සොයා ගත නොහැකි අයට නවාතැන් සපයනු ලබනවා."
ගමනාගමන දුෂ්කරතාවලට මුහුණ පා සිටින සිසුන් පිළිබඳ තොරතුරු කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ලබාදී තිබුණි.
බෝට්ටු 40 කට වැඩි ප්‍රමාණයක් සහ පාරු 28 කට වැඩි ප්‍රමාණයක් ආපදා කළමනාකාරන මධ්‍යස්ථානය විසින් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා යුද හමුදාව සිසුන්ට සහාය වීම සඳහා හමුදා ට්‍රක් රථ තුනක් සහ යුනිකෝන් වාහන ලබා දී ඇත.
මේ අතර, කරගොඩ, උයන්ගොඩ විභාග මධ්‍යස්ථානය ගංවතුරින් යටවී ඇති අතර, එම මධ්‍යස්ථානය නාරන්දෙණිය මහා විද්‍යාලයට ගෙන ගොස් ඇත.
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසුවේ, නවාතැන් ගැනීමට නොහැකි වූවන් සඳහා ආරක්ෂිත ස්ථාන සූදානම් කර ඇති බවයි. පාලටුව ප්‍රදේශයේ විහාරස්ථානයක් ද නවාතැන් සඳහා යොදා ගැනේ.
දිවයින පුරා සිසුන් ලක්ෂ 3ක් පමණ විභාගයට පෙනී සිටීමට නියමිතයි.
0 Comments