Binod-Chaudhary-union-bank-sri-lanka

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වාණිජ බැංකුවක් වන ‘යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී‘ වැඩි කොටස් ප්‍රමාණයක් ලබාගනිමින් නේපාලයේ බිලියන පතියෙකු අත්පත් කරගෙන ඇතැයි වාර්තාවේ.





නේපාල Forbes හි ලැයිස්තුගත බිලියනපතියෙකු වන Binod Chaudhary ට අයත්  CG Corp Global විසින් යුනියන් බෑන්ක් ඔෆ් කලම්බු පීඑල්සී හි බහුතර කොටස් අත්පත් කර ගැනීමේ ගනුදෙනුව සම්පූර්ණ කර ඇත.
ගනුදෙනුව අවසන් කර ඇතැයි කොළඹ කොටස් වෙළෙඳපොළ (CSE) විසින් අද ප්‍රසිද්ධියට පත් කරන ලදී.
යුනියන් බැංකුවේ සියයට 70.84 ක කොටස් අත්පත් කර ගැනීම සිදුවන්නේ CG Corp Global හි යටතේ සිංගප්පූරුවේ සංස්ථාපිත පුද්ගලික කොටස් සමාගමක් වන CG Capital Partners හරහා ය.

යුනියන් බැංකුව ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ප්‍රධාන වාණිජ බැංකු දොළහ අතර වන අතර එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 9.1 කි.