Chicago-Marathon-2023-Kelvin-Kiptum

කෙන්යාවේ කෙල්වින් කිප්ටම් විසින් ඉරිදා දිනයේ දී පැවති චිකාගෝ මැරතන් තරගයේදී , පැය දෙකයි තත්පර 35ක  කාලයකින්  අවසන් කරමින් මැරතන් පිරිමි ලෝක වාර්තාව බිඳ හෙළීය.
ඔහු විසින් බිද හෙළනු ලැබුවේ , 2022  බර්ලින් මැරතන් තරඟයේදී  Eliud Kipchoge විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.

කෙල්වින් කිප්ටම් මැරතන් ධාවනය ලෝක වාර්ථාවක් තබමින් අවසන් කිරීම පුදුමයට කරුණක් නොවන්නේ ඔහු මෑත කාලීන දැක්වූ දක්ෂකම් නිසාය. ඔහු  මීට පෙර පැවති Valencia  හා  ලන්ඩන් මැරතන් තරඟ දෙකේදීම ජයග්‍රහණ ලබා ගෙන තිබේ.



කිප්ටම්ගේ ජයග්‍රහණය චිකාගෝහි මැරතන් තරගාවලියේ පිරිමි ලෝක වාර්තාවක් පිහිටුවූ තෙවැනි අවස්ථාව සනිටුහන් කළේය. කෙන්යානු ධාවකයාගේ මෙම ජයග්‍රහණය , අනාගත තරඟ සඳහා වන ධාවන ප්‍රජාවගේ අපේක්ෂාවන් දැල් වීමට හේතු වී තිබේ .

 දිගු කලක් තිස්සේ චිකාගෝ මැරතන් ධාවන තරගය  ප්‍රසිද්ධ වී ඇත. එය දක්ෂ ධාවකයින් බිහි කරන , ප්‍රභූ මැරතන් ක්‍රීඩකයින් සඳහා ආකර්ශනීය ගමනාන්තයක් වෙයි. චිකාගෝ හි තරඟ කිරීමට ගත් කිප්ටම්ගේ තීරණය ඉතා සාර්ථක වූ අතර, ඔහුගේ මෙම ජයග්‍රහණය අන් අයද චිකාගෝ මැරතන් ධාවනය සදහා පොළඹවන හේතුවක් වනු ඇත.